මෙම ස්ථානයට හිරු බැසයන වේලාවේදි දැකුම්කලු ත්‍රිකුණාමල වරාය ඉතාමත් සුන්දර දර්ශණයක් ගෙනෙන අතර, නිල් මුහුදෙන් වටවු ඉතා දුර්ලභ ස්වාභාවික දර්ශණයක් මවා පායි. විශේෂිත වු වෙන්කල ප්‍රදර්ශණ ප්‍රදේශවල පාබල අවි, සන්නාහ සන්නද්ධ රථ, කාලතුවක්කු ප්‍රදර්ශණය කර ඇති අතර, සම්පත් දායකයෙකු සහිත ශ්‍රව්‍ය දෘෂ්‍ය කුටිය මගින් සංචාරකයින් හට ප්‍රදර්ශණ භාණ්ඩ පිළිබදව දැනුමක් ලබාදෙයි. මෙහි පිහිටා ඇති සමහර කෞතුක භාණ්ඩ යටත් විජිත සමයට අයත් වන අතර එමෙන්ම 2009 දි නිමාවට පත් වු මානුෂිය මෙහෙයුමේදි ත්‍රස්ථවාදින් හට විරුද්ධව යොදා ගත් අවි ආයුධ ද ප්‍රදර්ශණය කර ඇත.

Comments
Post a Comment