පුරාතනයේ සිට වර්තමානය දක්‌වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රි ලංකාවට දේශපාලනික, සංස්‌කෘතික සහ සමාජාර්ථික වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ වරායක් ලෙස ත්‍රිකුණාමලය වරාය පෙන්වා දිය හැක. මෙම වරාය සහ සම්බන්ධව තිබෙන ත්‍රිකුණාමලය නගරය නැගෙනහිර පළාතේ අගනගරයද වෙයි. උතුරු අක්‌ෂාංශ 80-33 -55" ද නැගෙනහිර දේශාංශ 810-13 -2" අතර ඊසාන වෙරළකරෙහි පිහිටි ත්‍රිකණාමලය මහවැලි නිම්නයේ පමණක් නොව මුළු ලංකාවෙහිම උණුසුම් කලාපයට අයත් වරායකි. මෙහි උපරිම උෂ්ණත්වයේ මාසික මාධ්‍යකය ෆැරන්හයිට් අංශක 92û ඉක්‌මවා පවතී. වර්ෂාපතනය මිලිමීටර් 1260-2000 වන අතර ඊසානදිග මෝසමෙන් ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් ලැබෙයි. ගිනිsකොණ දෙසින් ෆවුල් තුඩුවත්, වයඹ දෙසින් පිහිටි ෆෙඩ්රික් කොටුවත් අතර විහිදෙන වරායේ මුවවිට පළල සැතපුම් පහකි. ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ බෙංගාල බොක්‌කට (Bay of Bengal) මුහුණලා පිහිටි ත්‍රිකුණාමල වරාය ගිනිකොණ දිශාවට යොමු වු පුළුල් මුවදොරකින් සමන්විත වු බැවින් එහි ළඟා වු නෞකාවන් නිරිතදිග මෝසම් සුළංවලින් මෙන්ම ඊසානදිග මෝසම් සුළංවලින්ද මනාව ආරක්‌ෂා විය. තවද නැව් කිහිපයක් එකවර නැවැත්විය හැකි පහසුකම් සහිත ස්‌වාභාවිsක තටාකයකින් සමන්විත ත්‍රිකුණාමලය ලෝකයේ ප්‍රධාන පෙළේ ස්‌වාභාවික වරායන්ගෙන් එකකි. මෙම ලිපිය මගින් පුරාතනයේ සිට ක්‍රි.ව 20 සියවස දක්‌වා කාලපරිච්ඡේදය ත්‍රිකුණාමලය හා සබැඳි සංක්‍ෂිප්ත ඓතිහාසික විවරණයක් සැපයීමට අපේක්‌ෂිතය.
පුරාතනයේ ත්‍රිකුණාමල
වරාය හැඳින්වූ විවිධ නාම
දේශීය, විදේශීය ලි�ත මුලාශ්‍රවල සහ ශිලාලේඛනවල ත්‍රිකූණාමල වරාය පුරාතනයේ ගෝකණ්‌ණ තිත්ථ, ගොණගාමක පට්‌ටන, තිරු කොණ මලෙයි යනාදී විවිධ නාමයන්ගෙන් හඳුන්වා තිබේ. මහාභාරතයේ ත්‍රීකූට හෙවත් ගිරිකන්දර යනුවෙන් හඳුන්වා ඇත්තේද මෙම ස්‌ථානය බව පණ්‌ඩිත ආරියදාස සෙනෙවිරත්නගේ මතයයි. මීළගට ත්‍රිකූණාමල වරායට අතීතයේ භාවිත වුණු ගෝකණ්‌ණ යන නාමය පිළිබඳව විමසා බලමු. සංස්‌කෘත සහ පාලි ද්විභාෂාවන්ට අනුව ගෞ, ගො යන ශබ්දවලින් ගවයා, ගොණා, ගවරා වැනි ශාක භක්‌ෂක සිව්පාවෝ හඳුන්වනු ලබති. කර්ණ ,කණ්‌ණ යන පදයෙන් කණ හැඳින්වේ. එබැවින් ගවයකුගේ කණ්‌ගොටුවක හැඩය සහිත ත්‍රිකුණාමලයේ මුහුදු බොක්‌ක සහ ඒ හා බද්ධිත වරාය ගෝකණ්‌ණ නමින් හැඳින්වෙන්නට ඇති බව විද්වත් මතය වෙයි. එහෙත් ත්‍රිකුණාමලය වරාය, කොටුව අවට ප්‍රදේශවල වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ ගවයන් නොව මුවන්ය. මූවෝද ගෝ පවුලට අයත් සත්ව විශේෂයක් වන අතර උන්ගේ කණේ හැඩය මුහුදු බොක්‌ක හා සමකිරීමෙන් ගෝකණ්‌ණ යන නාමය ත්‍රිකුණාමලය වරාය හැඳින්වීම සඳහා යොදාගන්නට ඇති බව සිතිය හැක. මෙම වරාය ක්‍රි.ව 12 සියවසින් පසුව යාපනයේ ආර්ය චක්‍රවර්ති රාජ්‍යයට අයත් විය. ඒ හේතුවෙන් ගෝකණ්‌ණ යන නාමය ද්‍ර¨විඩකරණයට ලක්‌විය. ඒ අනුව -ගෝණ යන පදය ද්‍රවිඩයට හැරවීමේදී -කෝණා විය. පුරාතනයේ මෙම ප්‍රදේශයේ උස් ස්‌ථානවල බෞද්ධ සහ හින්දු සිද්ධස්‌ථාන රැසක් පිහිටා තිබෙන -"තිරු" යන ද්‍ර¨විඩයෙන් පූජනීය යන අර්ථය ගෙන එයි. මලෙයි, මලට යනු ද්‍රවිඩයෙන් කන්ද යන්න අර්ථය ගෙන එයි. එම පද තුනම එකතුවීමෙන් තිරුකෝණමලෙයි හෙවත් ත්‍රිකුණාමලය යන නාමය සෑදී ඇති බව සී. ඩබ්ලිව්. නිකලස් ශූරීන්ගේ අදහසයි. එහි සම්පූර්ණ අර්ථය කොණ ප්‍රදේශයේ පූජනීය කඳුගැටය යන්නයි. එම පදය අනුසාරයේ ඉංග්‍රිසි (Trincomalee) වචනය බිහී වී ඇත. එහෙත් රාමායණයෙහිද ගෝකණ්‌ණ නම් වරායක් පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. ඉන්දීය පඩිවරයකු වූ නන්දලාල් දේ මහතා අදහස් කරන්නේ එම ස්‌ථානය තාම්‍රලිප්ත නගරයට උතුරින් භගීරථි ගග අසබඩ පිහිටා ඇති වර්තමාන ගෝමු�ය බවයි.
පූරාණ ත්‍රිකුණාමලය වරායේ
ආර්ථික වැදගත්කම
පූරාතනයේ ලංකාව ඉන්දියානු සාගරයේ පෙර අපර දෙදිග වාණිජ කටයුතු කළමනාකරණය කළ ප්‍රබල මධ්‍යස්‌ථානයක් විය. වැලිගම, කැළණිය, මාතොට, ඌරාතොට, ගොඩවාය, ගෝකණ්‌ණ යන වරායන් මෙහිදී තීරාණාත්මක කාර්යයභාරයක් ඉටු කළේය. විශේෂයෙන් එකවර නෞකා රැසකට නැංගුරම්ලා හැකි ලෙස ඉඩ පහසුකම් තිබීම, අභ්‍යන්තර වෙළෙදාමට සුදුසු ගංගා මුවදොරවලින් සමන්විත වීම, වෙළෙඳුන්ට අත්‍යවශ්‍ය පිරිසිදු පානීය ජලය සහ වෙළඳ නෞකා අලූත්වැඩියා කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකීවීම යන කරුණු හේතුකොට ගෙන මෙම වරායන් විදේශීය වෙළෙඳුන්a නිබඳ ආකර්ෂණයට ලක් විය. ඒ අතර ග්‍රීසිය, රෝමය, ඉන්දියාව, පර්සියාව, ඉතියෝපියාව, චීනය, බුරුමය සහ අරාබියානු වෙළඳුන්ට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ඔවුහු ලංකාවට අශ්වයන්, සුවඳවිලවුන්, සේද රෙදි, පොසිලෙන්, ඖෂධ, බුමුතුරුණු විකුණා මුතු, මැණික්, ඇත්දත්, දළ ඇතුන්, කූළුබඩු, කැස්‌බෑ ලෙලි යනාදිය මිළදී ගත්හ. ත්‍රිකුණාමලය වරායද පුරාතනයේ උක්‌ත වෙළෙදාමට සක්‍රීය දායකත්වයක් සැපයු බව කිව හැක. මහැදුරු ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් පෙන්වා දෙන්නේ වර්තමාන ත්‍රිකුණාමල හෙවත් පුරාණ ගෝකණ්‌ණ වරාය ක්‍රි.පු 6 ශත වර්ෂයේ සිටම නාවික ගමනාගමනයෙහි වැදගත් වුවද එය වාණිජ වරායක් ලෙස වර්ධනය වූයේ ක්‍රි.ව 7 ශත වර්ෂයෙන් පසුව බවත්, ක්‍රි.ව 7 ශත වර්ෂයෙන් පසුව පෙර අපර දෙදිග වෙළෙදාමේ සෑහෙන වැදගත් කාර්ය කොටස් බෙංගාල බොක්‌ක ආශ්‍රිතව සිදු වු හෙයින් එකල ගෝකණ්‌ණ වරායට අන්තර්ජාතික වෙළදාමෙහි වැදගත් ස්‌ථානයක් හිමි වූ බවයි. තවද මහවැලි ගෙග් මුවදොර පිහිටා තිබුණු මෙම වරායෙහි විදේශීය වෙළෙඳුන් පදිංචිව සිටි අතර ඉන්දියාවේ වෙරළේ නැව් තොටවල් සමග මුහුදු ගමනාගමනය නිරතුරුවම සිදුවිය. තවද ගෝකණ්‌න වරාය ආසන්නයේ මහවැලි ගංමුවදොර පිහිටා තිබුණු හෙයින් වෙළෙඳුන්ට පහසුවෙන්ම මහවැලි ගග උපයෝගිකොට ගෙන රටේ අභ්‍යන්තරයට යාත්‍රා කොට වාණිජ ද්‍රව්‍යය ලබාගත හැකි විය. මීට අමතරව මගී ප්‍රවාහන අංශයෙන් ද පුරාණ ත්‍රිකුණාමල වරාය වැදගත් වූවාට සැක නැත. විශේෂයෙන්ම බුද්ධගයාව වැනි අතිශය ආගමික අංශයෙන් වැදගත් ස්‌ථාන පිහිටියේ නැගෙනහිර ඉන්දියාවෙ වන බැවිනි.
ත්‍රිකුණාමල වරායේ
ඓතිහාසික වටිනාකම
ගෝකණ්‌ණ හෙවත් ත්‍රිකුණාමලය වරායේ ඓතිහාසිකත්වය පිළිබඳව පරීක්‌ෂා කරන විට ක්‍රි. පු 6 සියවස දක්‌වා ඈතට අප රැගෙන යයි. එනම් බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය හෙවත් මහියංගනයට වැඩම කර ඇත්තේ ගෝකණ්‌ණ හෙවත් ත්‍රිකුණාමලය වරායෙනA බව වංසත්ථප්පකාසිනියේ සඳහන් වෙයි. එසේම ලංකාවේ ප්‍රථම රජු බවට පත් විජයගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පණ්‌ඩුවාසුදේව කුමාරයා ප්‍රමුඛ පිරිස් දිවයිනට ගොඩබැස ඇත්තේද ගෝකණ්‌ණ වරායෙනි. පණ්‌ඩුවාසුදේව කුමාරයාගේ බිසව වුයේ බුදුරදුන්ගේ ශාක්‍ය වංශයට නෑකම් කියන භද්දකච්චායනා කුමරියයි. ඇයද පරිවාර ස්‌ත්‍රීන් සමග ලංකාවට පැමිණ ඇත්තේද ගෝකණ්‌ණ තිත්ථ වරායෙනි.
ක්‍රි.පු 2 අසේල රජු මරා දමා ලංකාවේ බලය අත්පත්කොටගත් එළාර ප්‍රමුඛ සේනාව මෙරටට ගොඩබැස ඇත්තේද ගෝකණ්‌ණ වරායෙන් බව රාජාවලිය සඳහන් කරන්නේ ශෝකානූකූලවය. ක්‍රි.ව 3 සියවසේ මෙරට රජකළ මහසෙන් රජතුමා විසින් ගෝකණ්‌ණ වරායට ආසන්නව විහාරයක් කරවන ලදී. එතැන් සිට වසර දහසකට අධික කාලයක් නිරුපද්‍රිතව පැවති මෙම විහාරය පෘතුගීසිහු අතින් විනාශ වු බව මුලාශ්‍රවල සඳහන් වෙයි. පෘතුගිසිහු උක්‌ත විහාරය හඳුන්වා ඇත්තේ පැගෝඩා යන නමිනි.ක්‍රි.ව 8 සියවසේදී දෙවන කාශ්‍යප පුත් මානවම්ම කුමාරයා ස්‌කන්ද කුමාරයගේ වරමක් ලබා ගැනීම සඳහා ගෝකණ්‌ණ වරාය ආශ්‍රිත මුහුදේ මන්ත්‍ර ජපකරමින් තපස් රැකී බවත් පසුව විරුද්ධවාදීහු මර්දනය කොට ලංකා රාජ්‍ය ලබා ගැනීමට ස්‌කන්ද දෙවිඳු උපකාර කළ බව මහාවංශයෙA සඳහන් වෙයි. විශේෂයෙන්ම ක්‍රි.ව 7 සියවසෙන් පසුව ත්‍රිකුණාමල වරායේ අගය වැඩිවුණු බව අපි අමතක නොකරමු. ඒ බෙංගාල බොක්‌ක ආශ්‍රය කොටගත් දකුණු ආසියාතික මුහුදු වෙළෙදාම වර්ධනය වු බැවිනි. ඒ නිසාම චෝල අධිරාජ්‍යවාදීහූ ක්‍රි.ව 10-11 සියවසේ දී ගෝකණ්‌ණ වරාය ප්‍රධාන කොටගත් ලංකාව ආක්‍රමණය කෙරිණි. පසුව ඔවුන් විසින් ලාංකේය ස්‌වකීය පාලන මධ්‍යස්‌ථානය වශයෙන් ගෝකණ්‌ණ වරායේ සිට මහවැලි නදිය හරහා ගමන් කළ හැකි, පොළොන්නරුව තෝරා ගන්නා ලදී. ක්‍රි.ව 1070 චෝලයන් මෙරටින් තුරන් කරනු ලැබු ,විජයබාහු රජු යළිත් ත්‍රිකුණාමල වරාය අත්පත්කොට ගෙන ලාංකේය වෙළදාම සවිබල ගැන්විය. ක්‍රි.ව 1215 රජරට ශිෂ්ටාචාරය විනාශ කළ කාලිංඝ මාඝයන්ද ගෝකණ්‌ණ වරාය ආශ්‍රය කොටගෙන බලකොටුවක් ඉදි කළේය. කාලිංඝ මාඝ ප්‍රමුඛ කේරල ආක්‍රමණිකයෝ ලංකාවේ පිහිට වූ බලකොටු පරීක්‌ෂා කිරීමෙන් එය මනාව පැහැදිලි වෙයි. ඒවා මෙසේය.
පුළස්‌තිපුර (පොළොන්නරුව) කාකාලයග්‍රාම (කවුඩාවුළු)
ගඩ්ගාතලාක(කන්තලේ) මනාමත්ත(මානාමතු)
කොට්‌ඨසාරගම (කොටසර) ගොනුසුරට්‌ඨ (ගොවුසු )
කූරුන්දි (කුරුඳු) පදීරට්‌ඨ (පදවිය)
මන්නාරපට්‌ටන (මන්නාරම) මධුපාදපතිත්ථ (මීපාතොට)
වැලිකගාම (වැලිගම) සූකරතිත්ථ (ඌරාතොට)
මහාතිත්ථ (මාවටු) ගොනරට්‌ඨ (ත්‍රිකුණාමලය, ගෝකණ්‌ණ)
එහෙත් මාඝයන් පරාජයකොට ත්‍රිකුණාමලය නිදහස් කර ගැනීමට II පරාක්‍රමබාහූ ප්‍රමුඛ ලාංකේය රණවිරුවන්ට හැකි විය. එතැන් පටන් විටෙක සමාන්තර බහුපාලන මධ්‍යස්‌තාන පිහිටුවාගත් සිංහල රජදරුවන් අතද විටෙක යාපනයේ ආර්ය චක්‍රවර්ති රාජධානිය අතර දෝලනය වීමට මෙම වරායට සිදු විය. එයින් නොනැවති ක්‍රි.ව 15-20 සියවස් අතර කාලපරිච්ඡේදය තුළ පෘතුගිසි, ලන්දේසි, ප්‍රංශ, ඉංග්‍රිසි යන යුරෝපියානු අධිරාජ්‍යවාදීන් සහ උඩරට රාජධානිය සමග දෝලනය වීමටද ත්‍රිකුණාමල වරායට සිදු වූ බව පෙනේ. අවසානයේ ඉන්දියාවේ වෙළඳ අධිරාජ්‍යයක් පිහිටුවීමට අදහස් කරගෙන සිටි ඉංග්‍රිසිහු ත්‍රිකුණාමලය වරාය අත්පත් කොට පහත දැක්‌වෙන අභිමතාර්ථ සපුරා ගත්හ. එනම්
ඉන්දියාවේ වෙරළ ආරක්‌ෂා කර ගනිමින් සාගරයේ ගමන් ගන්නා සතුරු නැව්වලට පහරදීමට හැකිවීම.
ත්‍රිකුණාමල වරායේ විශාල ලෙස රට තුළ කාවැදුණු බොක්‌ක හේතුවෙන් නැව් තද කුණාටු සහ මුහුදු සුළගින් ආරක්‌ෂා කර ගැනීමට හැකිවීම.
එකවර නැව් විශාල ප්‍රමාණයකට නැංගුරම් ලෑමට ඉඩකඩ සහිත වීම යනාදියයි.
එසේම පෙරදිග මුළු බ්‍රිතාන්‍ය නාවික බලඇණියම නවත්වා තැබිය හැකි වරාය ත්‍රිකුණාමලය බවත් බ්‍රිතාන්‍යයට අයත් වටිනාම යටත් විජිතය ලංකාව බවත් එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය විලියම් පිටි පසු කාලෙක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එබැවිනී. ක්‍රි.ව 1815 ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍යයට යටත් වු පසුව සිට ක්‍රි.ව 1945 දක්‌වා කාල සමය තුළ ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍යයන්ට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළාය. මෙහි වටිනාකම දත් ජපනුන් II ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයන් සතුව පැවති ත්‍රිකුණාමල වරායට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේද එබැවිනි. ක්‍රි.ව 1948 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වූ දා සිට අද දක්‌වාම අතීතයේ පැවති ශ්‍රි විභූතිය සිහිපත් කරමින් ත්‍රිකුණාමලය වරාය මේ කුඩා දිවයිනට සුවිශේෂි මෙහෙවරක් ඉටු කරයි






Comments
Post a Comment