ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම් දෙවොල ඉතාම ප්‍රකට ස්‌ථානයක්. මෙය ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කෝනේශ්වරම්" නමින්. ඔබට මතක නම් මෙසේ "වරම්" ලෙස හඳුන්වා අවසන් වන දේවාල ගැන සඳහනක් අපි මඩකලපු චාරිකාවේදී කළා. මේ තමයි ශිව දෙවියන් සඳහා ඉදිවුණු දේවාල, නැතිනම් කෝවිල්. ලංකාව වටා එවන් කෝවිල් පහක් තියෙන බවත් අපි ඔබට කිව්වා. මඩකලපුවෙ කාන්තෝන්
-දීශ්වරම් කෝවිල ගැන අපි කතා කළා. යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ කෝවිල් පහයි. එයින් අපගේ චාරිකාවේදී දෙවැනියට හමුවන මෙවන් කෝවිල තමයි මේ තිරුකෝනේෂ්වරම් කෝවිල. අනුහස් සහිත කෝවිලක් ලෙස සැලකෙන මෙයට පැමිණෙන බොහෝ බැතිමත්තු, දරුවන් නැති මවුපියන් වීම විශේෂයක්. ඔවුන්ට දරුවන් පතා මේ කෝවිලේ ශාන්ති කර්ම වගේම භාරහාරත් සිදුකෙරෙනවා. හරිම අපූරු වටපිටාවකින් යුත් කෝනේශ්වරම් දෙවොල රාම-රාවණා කතාවටත් සබඳතාවක් තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට අඩි 100 - 150 ක් පමණ උස ගල්කන්දක් මත පිහිටි මෙතැනට අවට මුහුදු ප්‍රදේශය වගේම, සාම්පූර්, ත්‍රිකුණාමල නගරය, වරාය, චීන වරාය වගේ දේවලුත් උතුරින් පරෙවි දූපත නිලාවැලි වගේ ප්‍රදේශත් දැකගන්න ලැබෙනවා. ඔබත් ත්‍රිකුණාමලයේ සංචාරයක ගියොත් මෙතැනටත් යන්න අමතක කරන්න එපා. ඒ සුන්දරත්වයේ ආශ්වාදය අපි විඳගත යුතුම තැනක් වන නිසා පැරණි ලන්දේසි වරාය "ඩට්‌ච්-බේ" පිහිටල තියෙන්නෙත් කෝනේෂ්වරම් හෙවත් ගෝකණ්‌ණ පාමුලයි.
රාවණ කැපුම / ලවර්ස් ස්‌ලීප්
කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්. ඒ බවට වන අපූරු කතාන්තරයක් සහිත පුවරුවක් "රාවණ කැපුම" හෙවත් ලවර්ස් ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක් (එතරම් නුවණක්) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක් ද දෙවොලේ එක් පසෙක ඉහළින්ම තනා තිබෙනවා.
පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක් සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක් හිසක් කපා වීණාවක් සකස් කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.
පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක් හේතුවෙන් මෙය "ලවර්ස් ලීප්" බවට පත් වුණා.






Comments
Post a Comment