දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදුණු සොල්දාදුවන් සිහි කරනු පිණිස ඉදි කර ඇති මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමල නගරයෙන් කිලෝමීටර් 6 ක් පමණ උතුරු දෙසින් නිලාවේලි වෙරළ බලා යන මාර්ගයේ යි. එහි සොල්දාදුන් 364 කගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති අතර එය 1948 අප්‍රේල් මාසයේ දී විවෘත කර තිබෙනවා.
එහි හිමිකාරීත්වය පැවරී ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංග්‍රාම සොහොන් කොමිසමට (Commonwealth War Graves Commission) වුවත් එහි නඩත්තු කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය මගින්.


Comments
Post a Comment