දැන් අපි ඉන්නෙ කොට්‌ටියාරම් බොක්‌කෙ සුන්දර වෙරළ තීරයේ. මෙතැන වෙරළ කළුපාටයි. ඒ මෙහි වැඩිපුර "ඉල්මනයිට්" ප්‍රමාණයක් තියෙන හින්ද. අපිට දකුණු පසින් ගොඩබිම් තීරුවේ පිළිවෙලින් මුතූර් හා ෆව්ල් තුඩුව ප්‍රදේශය දැකගන්න ලැබෙනවා. ඉදිරියෙන්ම පේන්න තියෙන්නේ ත්‍රිකුණාමල බොක්‌ක නොහොත් කොට්‌ටියාරම. වෙරළ තීරය දිගේම ධීවර ඔරු - බෝට්‌ටු. කෙළින්ම බැලුවොත් වරාය තුළ පිහිටි ප්‍රීමා පිටි කම්හලත් දැකගන්න පුළුවන්. තවත් නැගෙනහිර දෙසින් අපට දැකගන්නට ලැබෙන්නේ ප්‍රකට "රවුන්ඩ් අයිලන්ඩ්" හා එහි මැද තියෙන ප්‍රදීපාගාරය. තවත් තැනකින් එලිසබත් දූපතත් දැකගන්න පුළුවන්. මේවා ගැන තොරතුරු තවත් ඉදිරියේදී කතා කරන්න හිතාගෙන ඉන්පසු අපි තවත් කින්නියා දෙසට ඇදුණෙ "මහවැලි ගං මෝය" හමුවෙන තුරු



Comments
Post a Comment