කුච්චවේලි නාච්චිමලේ පුදබිම (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය )

කුච්චවේලි සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි උස ගල්පරයක කටාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක් ඇත. ඒවායේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියූ ලෙන් කිහිපයක් දැක්වෙන අතර මේ නාච්චිමලේ පුද බිමයි. එමෙන්ම හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ගොඩ බැස්සේ ලංකා පටුනට යැයි කියනා ස්ථානයේ ස්ථූපයක් ගොඩනගා තිබෙන අතර එය හැඳින්වෙන්නේ සමුද්‍රගිරි වෙහෙර යනුවෙනි. නමුත් කලකට පෙර පුරාවිද්‍යා ලිපිවල තිබූ අයුරින් මෙහි තිබූ ගල් කණු අද දක්නට නැත.



Comments