ත්‍රස්තවාදී ගැටුම් පැවති සමයේ සංචාරකයින්ට තහනම් වූ නිලාවේලි වෙරළ තීරය යළිත් සංචාරකයින් සඳහා විවෘත ව ඇත්තේ ලක්දිව සොඳුරුත ම වෙරළක සුන්දරත්වය විඳ ගැනීමට දෙස් විදෙස් සැමට අවස්ථාවක් සලසා දෙමින්. ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති එහි දර්ශනීය බව වඩාත් ඉස්මතු වන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාවේ දී බව පැවසෙනවා. කොරල් පර බිඳී යාමෙන් සුසැදි සුදුවන් වැල්ලෙන් සපිරි නිලාවේලි වෙරළ තීරය, උප්පුවේලි නම් කුඩා ගම්මානයෙන් ඇරඹී කුච්චවේලි හි ළඳු කැලෑ දක්වා ඇදී යනවා.
නිලාවේලී වෙරළ තීරයට නැගෙනහිර දෙසින් පිහිටි පරෙවි දූව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටත ම නොගැඹුරු දියේ කිමිදුම් (snorkeling) ස්ථානයක් ලෙස යි. ජල ක්‍රීඩා සඳහා ද යෝග්‍ය නිලාවේලි මුහුදු තීරයේ දී මනා ව සංරක්ෂණය වූ ජීව පරයක් (live reef) දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් එකතුවකට ද නවාතැන් සපයනවා.

Comments
Post a Comment