බලකොටුවේ ප‍්‍රමාණය
බලකොටුව කොටස් දෙකකින් යුක්ත ය. එහි ප‍්‍රධාන කොටස චතුරශ‍්‍රාකාර ගර්භයයි සිවුදිසානුගතව පිහිටි සෘජුකෝණාශ‍්‍රාකාර දොරටු අනෙක් කොටසයි. දකුණු ප‍්‍රාකාර බැම්ම නැගෙනහිර සිට බටහිරට දිග විද්‍යමාන සාධක හා භූ ලක්‍ෂණ අනුව ආසන්න වශයෙන් මීටර 870 කි. මෙය දෙපස (නැගෙනහිර හා බටහිර) දිය අගල් සහිතව මීටර 936කි. බටහිර ප‍්‍රාකාර බැම්ම දකුණේ සිට උතුරට දිග ආසන්න වශයෙන් මීටර 840 කි. දෙපස (දකුණු හා උතුරු) දිය අගල් සහිත ව මීටර 922 කි. දකුණු දිගින්වූ දෙ වැනි දිය අගල හා ජනාවාස භූමිය පළලින් මීටර 190කි. මේ අනුව බලකොටුවට යට වී ඇති සියලු බිම් ප‍්‍රමාණය ආසන්න වශයෙන් වර්ග මීටර 1,108,032කි. පර්චස් 43,813 කි. අක්කරවලින් 273කි. හෙක්ටයාර 110කි. එනම් වර්ග කිලෝමීටර 1.10ක භූමි ප‍්‍රමාණයකි. ඒ අනුව බලකොටු භූමිය සතරැස් කිලෝමීටරයකටත් වැඩි භූමියක පැතිර පවතී. උතුරු දොරටුව දිය අගල් සහිතව දිග මීටර 336ක් හා පළලින් මීටර 200කි.

බලකොටුවේ දකුණු පැත්ත වඩාත් සැළකිලිමත්ව හා ශක්තිමත් ලෙස ඉදි කළ බවට එහි ඇති සාධක අනුව බලකොටුව ඉදිකිරීමේ මූලික සංකල්පය මොනවට පැහැදිලි කරයි. ප‍්‍රධාන සතුරාගේ ගමන් මඟ ඉලක්ක කරගනිමින් සෙසු පැතිවලට වඩා ශක්තිමත් දුර්ග නිර්මාණයක් දැකිය හැකි ය. දකුණු පැති පවුරට ආසන්නයෙන් ඉදිකළ දිය අගල පළලින් මීටර 42 කි. ඉන් අනතුරුව මීටර 160 පළලැති බිම් තීරයකි. ඊට දකුණින් පළලින් මීටර 30කින් යුත් දිය අගලකි. ඔබ්බෙන් පිහිටි කොටස වැව් ජලයෙන් හෝ වගුරු බිම්වලින් යුක්ත වන්නට ඇති බව සිතිය හැකි ය. දිය අගල් දෙක අතර වූ මීටර 160ක පළලින් යුත් බිම් තීරය ආරක්‍ෂිත භූමියක් ලෙසත් ඉදිරි ආරක්‍ෂක කලාපයක් ලෙසත් පවතින්නට ඇත. වළං කැබලිති සහිත මිනිස් ක‍්‍රියාකාරකම්වලින් යුක්ත බිම් තීරයක් ලෙස හඳුනාගත හැකි මෙම කොටස මිනිස් පළිහක් ලෙස ක‍්‍රියාත්මක වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ අනුව බොහෝ විට මෙම කොටස යුද භටයන්ගේ ජනාවාසවලින් යුක්ත වන්නට ඇතැයි සිතිය හැකි ය. දකුණු පස ප‍්‍රධාන පිවිසුම් දොරටුව මෙහි නැගෙනහිර කෙළවරට වන්නට පිහිටි බවක් පෙනේ. ප‍්‍රධාන මාර්ගය එයින් දකුණු දිසාවට එනම් මහවැලි ගඟ හා අඹන්ගඟ එක්වන ප‍්‍රදේශයේ පිහිටි විල්ලු භූමිය දක්වා උස්භූමියක් ලෙස විහිද තිබූ බවට සාධක හමු වේ. බලකොටුවේ භූමි ප‍්‍රමාණය පිළිබඳව සැලකීමේ දී අනුරාධපුර ඇතුළු නුවර හා සමාන වන අතර එය පොළොන්නරුව ඇතුළු නගරය මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු වේ.
බලකොටුවේ ප‍්‍රාකාරය
බීජ ගොවිපල පිහිටි කොටසේ ප‍්‍රධාන පිවිසුමේ පටන් දකුණු හා බටහිර දිසානුගතව පිහිටි ඇතුළු මාර්ග පද්ධතිය විහි දී ඇත්තේ ද ස්වාභාවික උස්භූමියක් ලෙසින් දිස්වෙන පවුරු බැම්ම මතයි. ප‍්‍රාකාර බැම්ම පළලින් අඩුම ස්ථානවල මීටර 14ක්වන අතර ඇතැම් තැනෙක මීටර 16ක ප‍්‍රමාණයකින් යුක්ත ස්ථාන ද හමු වේ. සමස්ථයක් ලෙස බැම්මේ පළල මීටර 15ක් ලෙස ගතහැකි ය. තැනින් තැන සේදී යාම හා කුඹුරු අස්සද්දීම හේතුවෙන් මෙහි ප‍්‍රමාණාත්මක වෙනස්වීම් දැකිය හැකි ය. බීජ ගොවිපල කාර්යාලයේ සිට මීටර 410ක්වූ නැගෙනහිර පවුරත් මීටර 430ක් දක්වා වූ දකුණු ප‍්‍රාකාර බැම්මත් ගොවිපල කටයුතු සඳහා ප‍්‍රවාහන මාර්ගයක් ලෙස දැනට භාවිත කරයි.

ප‍්‍රාකාර බැම්ම ඉදිකිරීම සඳහා පස් යොදා ගෙන ඇති අතර පහතම පස් තට්ටු තලා තද කොට ඇතිබවක් පෙනේ. ඉන් මතුපිට ස්තරය සඳහා යොදාගෙන තිබෙන්නේ කුඩුගල් මිශ‍්‍ර පස් තට්ටුවකි. මෙය බොහෝ විට දිය අගල කැපීමේදී පතුල මට්ටමේ දී ඉවත් කරන ලද පස් තට්ටුව විය හැකි ය. පවුරු බැම්මෙහි ඉදිකිරීම් තාක්‍ෂණය හා ක‍්‍රමවේදය පැහැදිලි කරගතහැකි සාධක දකුණු ප‍්‍රාකාර බැම්ම මධ්‍ය කොටසේ හා උතුරු බැම්මේ තැනින්තැන තවමත් දැකිය හැක උතුරු බැම්මේ නැගෙනහිර මුල්ලේ බොහොමයක් ශේෂ සාධක පැහැදිලිව දැකිය හැකි ය. මේ සඳහා දිග හතරැස් පුවරු වශයෙන් කැඞීගිය ගල් කැබලි පස් සමඟ යොදාගෙන තිබේ. හමුවන ගල් සෙන්ටිමීටර් 70 × 15 × 10 උතුරු පැත්තේ ප‍්‍රාකාර බැම්ම දිය අගලේ (වර්තමාන කුඹුරු මට්ටමේ) සිට මීටර 4 පමණ උසකින් යුක්ත ය. මෙහි දිය අගල හා පවුර අතර මීටර 8ක් පමණ වූ ප‍්‍රදක්‍ෂිණා පථය පැහැදිලිව දැකිය හැකි වේ. බොහෝවිට පස් බැම්ම මත දැව කඳන් උපයෝගී කරගෙන සකස් කරන ලද දොරකොටු හා අට්ටාල සහිත ප‍්‍රාකාරයක් ගොඩනගා තිබෙන්නට ඇත. අර්ථශාස්ත‍්‍රයට අනුව බලකොටුවේ ප‍්‍රාකාරය අඩි 36ක උසකින් යුක්ත වූවක් විය යුතු ය.
බලකොටුවේ දොරටු
බලකොටුවේ ප‍්‍රධාන දොරටුව උතුරු දිශානුගතව ඉදිකරන ලද්දකි. සමස්ත දොරටුව පළලින් මීටර 200 ආසන්න ය. දිග 336කි. මෙහි අභ්‍යන්තර කොටස සංකීර්ණ නිර්මාණ ලක්‍ෂණවලින් යුක්ත ය. වටා දිවෙන දිය අගල බලකොටුව වටා දිවෙන දිය අගලට සම්බන්ධ වන අතර දොරටුව අභ්‍යන්තරයේ ද දිය අගල් දෙකකින් සමන්විත වේ. දොරටුවේ බටහිර කොටස මීටර 125 පමණ පළලැති ගොඩබිම් තීරයකි. ඉන් අනතුරුව උතුරු දකුණු දිශානුගතව දිවෙන දිය අගල මීටර 20කි. අභ්‍යන්තර දිය අගලින් වටවූ මීටර 35 පමණ පළලැති බිම් තීරයකි. උස්බිම් තීරයේ සිට දිය අගලේ තත්වය නිරීක්‍ෂණය කළහැකි ආකාරයෙන් ඉදිකොට ඇති අතර උතුරු පසින් පිහිටි වැවෙන් පැමිණෙන්නන්ට බලකොටුවේ දොරටුව පිළිබඳව අවබෝධයක් ලබාගත නොහැකි පරිදි මංමුලා කරන ආකාරයේ දිය අගලක් ලෙස ඉදි වී ඇත.

අනෙකුත් දොරටු සෘකෝණාශ‍්‍රාකාර හැඩයෙන් යුක්ත වුවත් උතුරු දොරටුව මෙන් ඉදිවූ ඒවා නොවේ. දිගින්වැඩි පැත්ත බලකොටුවට ඈඳී තිබේ. මේවායෙහි වටා බැමි දක්නට නොමැති අතර ජලාශ‍්‍රිත හෝ වගුරු බිම්වලින් සීමාවන්නට ඇති බව පෙනේ. නැගෙනහිර පිවිසුම් දොරටුව ලෙස වර්තමාන බීජ ගොවිපලේ කාර්යාලය පිහිටි භූමිය වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි දැනට ගොඩනැගිලි පිහිටා ඇති කොටස පමණක් ශේෂව ඇති අතර සෙසු කොටස් වගාබිම් ලෙස අස්සද්දා තිබේ. බෝග සලකුණු අනුව නැගෙනහිර දොරටුවට සමාන්තරව බටහිර දොරටුවේ ලක්‍ෂණ හඳුනාගත හැකි ය. බලකොටුවේ දකුණු දොරටුව කොටස ද වගා සලකුණු අනුව හඳුනාගත හැකි අතර මෙම කොටස තුළ ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක මෙයින් හමු වේ.
බලකොටුවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ පිවිසුම් දොරටු බලකොටුවට ඈදා නොතිබීමයි. දොරටුව හා චතුරශ‍්‍රය අතර දිය අගලකින් සම්බන්ධය කඩකළ හැකිව තිබූ බවක් පෙනේ. දොරටුව හා පවුර අතර සම්බන්ධය සැනෙකින් බිඳිය හැකි ආරක්‍ෂිත උපක‍්‍රමයක් භාවිත වන්නට ඇති බවක් සිතිය හැකි ය. ඒ අනුව දිය අගල හරහා එසවිය හැකි හෝ එහා මෙහා කළ හැකි හකුලන පාලම් තිබෙන්නට ඇත. ක්‍ෂණික ප‍්‍රහාරවල දී මෙම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරන්නට ඇත. නිරන්තර රැකවලෙහි යෙදුණු මුර සෙබළුන් පවුර වටා නිරන්තර සෝදිසි පරීක්‍ෂාවෙහි යෙදෙන්නට ඇති අතර පවුර මත හා බලකොටුවේ මුළුවල උස් අට්ටාල ඇසුරු කරමින් දුර සිට පැමිණෙන සතුරන් නිරීක්‍ෂණයටත් මුර සෙබළුන් යොදවා තබෙන්නට ඇත.
බලකොටුවේ ආරක්‍ෂිත දිය අගල්
බලකොටුව වටා ආරක්‍ෂිත දිය අගලකි. පවුරට යාබද ව ඉදිකළ පිට දිය අගල පළලින් මීටර 33කි. දිය අගලට වඩා මීටර 2ක් උසින් ප‍්‍රාකාරය පිහිටා තිබේ. දිය අගලෙහි දියබෙරලිය, නෙලුම් වැනි ජලජ ශාකවලින් හා ඇතැම් තැනෙක වගුරුබිම් ආශ‍්‍රිතව වැඩෙන හම්බු ශාකය දැකිය හැකි ය. තැනින් තැන ශේෂ වී ඇති දිය අගලේ එරෙනසුළු ගොහොරු සහිත බිම්කඩවල්වල ස්වභාවය අනුව දිය අගල ඉතා ගැඹුරකින් යුක්තව තිබූවක් බව පෙනී යයි.

දිය අගලේ ශේෂ කොටස්වල කුඹුරු අස්සද්දා ඇති අතර ඇතැම් තැනෙක කෙසෙල් හා කොහිල වගාවන්ද ඇතැම් තැනෙක විසිතුරු මතස්‍ය වගා සඳහා කළ පොකුණු ද දැකිය හැකි වේ. දකුණු හා උතුරු දොරටු හා මධ්‍ය කොටුව අතර ඇති දිය අගල් මීටර 42ක පළලකින් යුක්ත ය. දකුණු දිය අගලේ සිට මීටර 160ක් දුරින් මීටර 30ක් පළලැති දෙ වැනි දිය අගල දැකිය හැකි ය. මෙය දකුණු පවුරට සමාන්තරව බටහිර දෙසට විහිද ගොස් උතුරු දෙසට දිවෙයි. බීජ ගොවිපලට අයත් කොටසේ දිය අගල් තවමත් ඒ ආකාරයෙන්ම පවතී.
බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම
බලකොටුව අභ්‍යන්තරයේ සැකැස්ම කෙසේ තිබුණේද යන්නට සාධක අල්ප ය. මන්ද යත් අඩක් පමණ කොටසක කුඹුරු අස්සද්දා ඇති අතර ඉතිරි අර්ධය සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස වී පවතින බැවිනි. 2010 වර්ෂයේ සිදුකළ පර්යේෂණ කැනීමෙන් අ්‍යන්තර සැකැස්ම පිළිබඳ දල අදහසක් ලබා ගැනීමට හැකි විය. බලකොටුව අභ්‍යන්තරයේ ශේෂ වී ඇති එක් බිම් කඩක පර්යේෂණ කැනීමක් සිදු කිරීමට හැකි විය. ඒ අනුව බීජ ගොවිපලට අයත් කොටසේ දකුණු හා බටහිර ප‍්‍රාකාරවලට මීටර 100යක් මධ්‍යයට වන්නට කුඹුරු මධ්‍යයේ පිහිටි කුඩා බිම් කඩ තෝරා ගන්නා ලදි. මෙම කොටස කුඹුරු අස්සද්දීමේ දී ක‍්‍රම ක‍්‍රමයෙන් කැපීගොස් ගොඩැල්ල ක්‍ෂය වෙමින් තිබේ. ගඩොල් කැට සහ උළු කැට බහුල වීම නිසා කැපීමට අපහසු කොටස පමණක් කැනීම සඳහා තෝරා ගන්නා අවස්ථාව වන විට ශේෂව තිබිණි.

මෙම භූමිය දිගින් මීටර 33කි. පළලින් මීටර 10කි. එහි කැනීමෙන් හමු වූ ගොඩනැඟිලි සාධකවලට අනුව නිවරැදි ලෙස දිශානුගත කිරීමෙන් අභ්‍යන්තර ගොඩනැඟිලි ඉදිකර ඇති බව පැහැදිලි විය. බලකොටුවේ අභ්‍යන්තර ගොඩනැගිලි හා මාර්ග පද්ධතිය ඉදිකරීමේ දී යම්කිසි ක‍්‍රමානුකූලව පූර්ව සැළසුමක් අනුව කර තිබෙන්නට ඇති බවක් පෙනේ. මැද මිදුල් හා අභ්‍යන්තර ස්නානාගාර සහිත මෙම ගොඩනැඟිල්ල බලකොටුවෙහි රාජකාරියෙහි යෙදී සිටි කිසියම් ප‍්‍රභූ පුද්ගලයෙකුට අයත් වූවක් විය හැකි බව එයින් ලැබුණු සඳුන් තැටිය, සඳුන් ගල් වැනි පුරාවිද්‍යාත්මක සාධක අනුව සිතිය හැකි ය.
බලකොටුවක ලක්‍ෂණ මෙහි තිබේ ද?
කදුරුවෙල බලකොටුව නිර්මාණය කිරීමේ දී කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන බලකොටු නිර්මාණය පිළිබඳ උපදෙස් අනුගමනය කළ බවක් හැෙඟ්. ඒ අනුව බලකොටුව දිය අගල් තුනකින් වටවිය යුතු වුවත් සතුරන්ගේ ඉලක්කගත දකුණු දිසාවෙන් පමණක් දිය අගල් නිර්මාණය කරගත් බවක් පෙනේ. දකුණු දිගින් දිය අගල් දෙකක් සහ තුන්වැන්න ලෙස වැව සම්බන්ධ කරගෙන තිබේ. මේවා සඳහා ද භූමියේ පිහිටීම අනුව යොදාගත්තා මිස නියමිත දුරවල් අනුගමනය කළ බවක් නොහැෙඟ්.

බලකොටුවක් හෝ දුර්ගයක් සැළසුම් කළ යුතු ආකාරය පිළිබදව කෞටිල්‍යගේ ආර්ථශාස්ත‍්‍රයේ දැක්වේ. “බලකොටුවක් ගොඩනැගීම සඳහා ස්වාභාවික පිහිටීම අනුව ඉතාම යෝග්‍ය භූමිය තෝරාගත යුතුය. එය ගගකින් වටනොවූවක් නම් පහත් භූමියකින් වටවූ උස් සම භූමියක ගොඩනැගිය යුතුය.” යනාදී වශයෙන් දැක්වෙන පරිදි උස් සම භූමියක නිර්මාණය වූ ඖධක වර්ගයේ බලකොටුවක නිර්මාණ ලක්‍ෂණ මෙහි දැකිය හැකි වේ. බටහිර දොරටුව කොටස හැරුණු විට හාත්පසින්ම පහත් භූමියකින් වටවූ උස් සම භූමියක් දැකිය හැකි ය. පහත් භූමිය පුරා වර්තමානයේ පරාක‍්‍රම සමුද්‍රයේ 4 ඇලෙන් දියවර සැපයෙන කුඹුරු වේ. කවාකාර සතරැස් හෝ සෘජුකොණාශ‍්‍රාකාර හැඩයට බලකොටු නගරය ගොඩනැගිය යුතු ය. දිය අගල් තුනකින් මගින් එය වට කළයුතු බවටත් කෞටිල්‍ය උපදෙස් දී ඇත. අගල් විනාශ නොවී ශක්තිමත්ව තබා ගැනීමට ජලය රඳා තබන මට්ටම දක්වා දෙපස ගලින් හෝ ගඩොලින් බැඳ පතුල ද ගලින් බැඳීම ද යන දෙකින් එකක් කොට අවුුුරුද්ද පුරාම අගලට ජලය ලැබෙන පිළිවෙලට සකස්කොට අතිරික්ත ජලය පිටවිය හැකි පරිදි ද නිර්මාණය කර නෙළුම් හා කිඹුලන්ගෙන් ද ගහණ කළ යුතු ය. අගල්වලට පිටතින් උස්වූ ප‍්‍රාකාරයක් ගොඩනැගිය යුතු ය. එහි පළල උස මෙන් දෙගණයක් විය යුතු ය. අලින් ලවා පාගා පදනම ශක්තිමත් කළ යුතු ය. විෂ කටු ගස් රෝපණය කළ යුතු ය. අගල් කටුවැල් හා ජලයෙන් පිරවිය යුතු ය. වර්තමාන බැම්මෙහි පළල මීටර 16.46කි. (අඩි 54) එවිට පවුර උසින් මීටර 8.23ක්ව (අඩි 27) තිබෙන්නට ඇත. නමුත් අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන්නේ දිය අගල්වලට අඩි 24ක් ඇතුළතින් අඩි 36ක පවුරක් බැඳිය යුතු බවයි. ඒ අනුව මෙම පවුරෙහි සම්පූර්ණ පළලින් අඩි 24 ගියවිට ඉතිරිවන්නේ අඩි 28කි. ඒ බැම්මේ පළල ය. ඒ අනුව පවුරේ උස අඩි 14කි. පවුර වටා ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙස විවෘත භූමියක්ව තිබෙන්නට ඇත. මේ ලක්‍ෂණය බලකොටුවේ උතුරු පැති බැම්මේ ශේෂ වී ඇති ස්ථාන හමු වේ. මහාවංස විස්තරයේ අටළොස් රියන් උස පවුරු තොරණක් ගැන සඳහන්වේ. එය අවම වශයෙන් අඩිවලින් 27කි. ඒ අනුව පවුර පළලින් අඩි 52ක් විය යුතු ය. එනම් වර්තමාන බැම්මේ පළලට සමාන ය.
බලකොටුවෙහි නැගෙනහිර උතුර හා දකුණු පැති සම්පූර්ණයෙන්ම පාහේ වැව්වලින් ආරක්‍ෂා වූවකි. පවුර පාමුල දක්වාම වැව් ජලයෙන් පිරී තිබූ බව සිතිය හැකි ය. 1948 වසරේ දී අලුත්වැව නමින් නවීකරණය වූයේ පැරණි වැවෙන් කොටසකි. එය චූල මොග්ගල්ලාන හෙවත් සුළු මුගලන් විසින් බැඳ වූ දනවැව (ධනවාපී) (ම.ව.41 පරි 61 ගා) වියහැකි බව ජනප‍්‍රවාද අනුව පෙනේ. දකුණු දිශානුගත දොරටුව මධ්‍යගතව ඉදිකීරීමට නොහැකිවූයේ වැව් ජලය දකුණු පවුර දක්වාම පැතිර පැවැති නිසා විය යුතු ය. ඒ අනුව නොවැසෙන ඉතිරි සුළු බිම් තීරුවේ නිර්මාණය කොට ඇති බැවින් බව පෙනේ. මෙවැනි විශේෂතා අනුව පැහැදිලි ලෙසම බලකොටුවක ලක්‍ෂණ මෙහි දැකිය හැකි ය.

Comments
Post a Comment