පුල්ලිගොඩ චිත්‍ර ගුහාව (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

දිඹුලාගල පුල්ලිගොඩ විහාරයෙන් හමු වූ චිත‍්‍රයෙන් නිරූපණය වන්නේ බුමුතුරුණක වාඩිවී සිටින දේව රූප 5 කි. දිගින් අඩි 5 ක් පමණ වේ. මෙය ලෙනේ වියන්තලයේ ඇඳ තිබූ විශාල චිත‍්‍රයකින් ඉතිරි වූ කොටසක් වන අතර, කහ, රතු, කොළ, සුදු සහ කළු වර්ණ භාවිතා කර ඇත. ඉතා තුනී සුදු බදාමයක් මත ඇද ඇති මෙම සිතුවම් වල දෙවියන්ගේ මුහුණේ ශ‍්‍රද්ධාව පිළිඹිබු කරයි.
දිඹුලාගල ගල් පර්වතය මුදුන කොටසේ ලෙන් පෙලකි. ඒවා දිඹුලාගල මාර වීදිය ලෙන් යනුවෙන් ප‍්‍රසිද්ධය. මෙහි ලෙන් දෙකක චිත‍්‍ර වඩාත් ආරක්‍ෂා වී පවතී.
දිඹුලාගල මාර වීදිය අංක. 01 ලෙන
පළමු චිත‍්‍රයේ තරමක් විනාශ වී ගිය සිතුවමකි. මෙහි බුදුන් වහන්සේ ආරුක්කුවක් යට උස්කොට තනන ලද මෙට්ට ඇතිරූ පුවරුවක් මත වජ‍්‍රාසනයේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිදී.
දෙවන චිත‍්‍රයේ – විශාල බුද්ධරූපයකි.
තුන්වන චිත‍්‍රයේ – ඉතා චමත්කාර හංස මෝසතරයකි. මෙහි හංසයන් එකා පිටුපස එකා බැගින්
පෙළට දක්වා තිබේ.
දිඹුලාගල මාර වීදිය අංක. 02 ලෙන
I වන චිත‍්‍රයේ – ආරෝහ පරිණාම සම්පත්තියෙන් හෙබි මනහර දේශ ලක්‍ෂණ වලින් සමන්විත රාජ කුමාරයකු වැනි අතෙකු පිට සිටින පුරුෂ රූපයකි. ඔහුගේ වමතින් අලංකාර ලෙස සරසන ලද ඇතාගේ හොඬ අල්ලාගෙන සිටී.
2 වන චිත‍්‍රයේ – සස ජාතකය දැක්වෙන සිතුවමකි.
මෙහි වර්ණ මැකී ඇති අතර ඉතිරිව ඇත්තේ, තද කළු පැහැයෙන් යුත් බාහිර රේඛා පමණි. සක්දෙව් රජ, හාවාගේ රූපය හඳේ අදින අයුරු දක්වයි. කේතු ආකාර හිස් පළඳනාවක්ද පූන නූලක්ද පැළද, දකුණු අතින් තෙලි කූර යැයි සිතිය හැකි, අදින උපකරණයක් අතැතිව සිටී.


Comments