දිඹුලාගල මහා විහාරය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

දිඹුලාගල ප‍්‍රදේශයේ ඓතිහාසික තොරතුරු විමසීමේදී විජයාගමනයටත් පෙර සිට නව මහවැලි ජනපද පිහිටූවිම දක්වාම පවතින විවිධ පුරාවෘත්ත රාශියකි' මෙම ප‍්‍රදේශයේ විජයාගමනයට පෙර දිඹුලාගල විසුවෝ යක්ෂ හා නාග ගෝත‍්‍රිකයෝ වූහ' එදා යක්ෂ පුරය නමින් හැඳින්වූයේ දිඹුලාගල ප‍්‍රදේශයයි' විජයගෙන් පසු පණ්ඩුකාභය කුමරු සම්බන්ධයෙන් දිඹුලාගල ප‍්‍රදේශය පිලිබඳ ඓතිහාසික තොරතුරු දැක්විය හැක'
පණ්ඩුකාභය රජ තෙමේ රාජ්‍ය ලබා ගන්නා තෙක් තමන්ට උපකාර කරණ ලද යක්ෂ සේනාධීපතීන් උදෙසා දිඹුලාගල විහාරය අසල දේවාලයක් තනවා දී ඇති බැව් සඳහන් වේ' මින් පසු දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව ප‍්‍රථම වරට කරවන ලද විහාර අතුරින් එකක් ලෙස දිඹුලාගල විහාරය හැඳින්වේ' මීට අමතරව කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ හා මලියදේව මහ රහතන් වහන්සේ දිඹුලාගල මහා විහාරයේ වැඩ වාසය කර ඇති අතර මහා පරාක‍්‍රමබාහු රජ සමයේ දිඹුලාගල විහාරය ලක්දිව පමණක් නොව පිට රට වල පවා පතල කීර්තියක් ඇති විද්‍යා පීඨයක් බවට පත් විය' එකල ලංකාවේ ආගමික මධ්‍යස්ථානය වී ඇත්තේද දිඹුලාගලයි' අසල්වාසී බෞද්ධ රටවලින් සිය ගණන් ශිෂ්‍යයෝ ඉගෙනීම සඳහා දිඹුලාගලට පැමිණ ඇත' ඔවුහු මෙහිදී ධර්ම ශාස්ත්‍රෝඥාණය කර පඬිවරු බවට පත් වූහ' ග‍්‍රන්ථකරණය කළහ' භාෂා 18 ක් මෙහි ඉගැන්වූ බව කියැවේ' ඒ අනුව පෙනී යන්නේ එම භාෂා ශාස්ත‍්‍රයන්හි කෙල පැමිණිය උගත් භික්ෂුන් වහන්සේ සිටි බවය'
දිඹුලාගල මහා කාශ්‍යප සංඝ පීතෘවරයාණෝ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධයෙන් එවකට ලක්දිව විසූ උසස්ම පඬිවරයා වූහ' දිඹුලාගලින් බිහිවුන ශ්‍රේෂ්ඨතම ගිහි පඬිවරුන් දෙදෙනෙක් නම් විද්යා චක්රවර්තී හා ගුරුළුගෝමිහුය'
යටත් විජිත යුගයේදී ලංකාවේ සෑම ස්ථානයක්ම ආවරණය කොට වරායන් කරා දිවෙන දුම්රිය මාර්ග සකස් කර ඇති අතර දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මනම්පිටියේ සිට මඩකලපුව දක්වා දිවෙන දුම්රිය මාර්ගයද එවැන්නකි'
නිදහසින් පසු යුගයෙහි නටඹුන්ව සහ කැළෑවෙන් වැසී ගොස් වැදි ජනතාවගේ රජ දහනක් වූ දිඹුලාගලට මාතර කිතලගම සීලාලංකාර හිමියන්ගේ සැපත්වීම විශාල පරිවර්තනයකට හේතු පාදක විය' ප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා සංවර්ධන කටයුතු ප‍්‍රාදේශීය නායකයෙකු මෙන් ඉටු කිරීමට නාහිමියන්ට හැකි විය'
1985 දි මහවැලි සංවර්ධන ව්යාපාරය යටතේ මෙම ප‍්‍රදේශයේ ජනාවාස ඉදි කොට කුඹුරු ඉඩම් යටිතල පහසුකම් නිවාස ආදිය සපයා ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් සංක‍්‍රමනික ජන පිරිස් ප‍්‍රදේශයට ගෙන්වා පදිංචි කරන ලදි





Comments