මනම්පිටිය පාලම (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

මනම්පිටිය පාලම යනු ශ්‍රී ලංකාවේ දෙවැනි දිගම පාලම වන අතර එය මීටර 302ක් දිගු වේ. පාලම් ද්විත්වයකින් දැකගත හැකි මෙහි, පැරණි යකඩ පාලම දුම්රිය මග සඳහාත්, අළුත් පාලම මහා මාර්ගය සඳහාත් යොදා ගෙන තිබේ. 2009 වසරේ කින්නියා පාලම විවෘත කරන තාක් මෙරට දිගම පාලම මෙය විය. පාලම A11 හබරණ-තිරිකොන්ඩියාඩිමඩු මාර්ගයේ, උතුරුමැද හා නැගෙනහිර පළාත් යා කරමින් මහවැලි ගඟ හරහා නිර්මිතය.
මනම්පිටිය පාලම
මනම්පිටිය පැරණි පාලම
* නිල නාමය
ශ්‍රී ලංකා-ජපන් සාම මිත්‍රත්ව පාලම
* මං තීරු ගණන
මං තීරු 3 (2 - මහා මාර්ගය හා අනෙක දුම්රිය මාර්ගය)
* මහවැලි ගඟ
* ස්ථානය
මනම්පිටිය, පොළොන්නරුව දිස්ත්‍රික්කය
* සැලසුම
කුරුපා පාලම
* සම්පූර්ණ දිග
මීටර 302
* පළල
මීටර 10.4
* විවෘත කලේ
1922 (පැරණි පාලම)
25 ඔක්තෝම්බර් 2007 (නව පාලම)
* පැරණි පාලම
පැරණි යකඩ පාලම 1922 වසරේදී ඉදිකොට තිබේ. එය මීටර 291 ක් දිගු වන අතර පළල මීටර 5 ක් පමණ වේ.
* නව පාලම
සංස්කරණය
මනම්පිටිය වන පාලම ජපාන රජයේ සහය සහිතව 2007 වසරේදී සාදා නිම කරන ලදී.එය ශ්‍රී ලංකා-ජපන් සාම මිත්‍රත්ව පාලම ලෙස නම් කර තිබේ.
ඉදි කොට නිමකරන ලද පාලම 2007 ඔක්තෝම්බර් 25 වන දිනදී එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. වත්මන් ශ්‍රී ලංකා රුපියල් 50 මුදල් නෝට්ටුවෙහි මනම්පිටිය පාලම මුද්‍රණය කොට තිබේ.






Comments