ගල්පොත (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

පොලොන්නරු රාජධානියෙහි ඉතා ප්‍රබල රජවරු තිදෙනෙක් රජ කළහ. මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ඒ රජවරු තිදෙනා ය. නිශ්ශංකමල්ල රජු 1187 සිට 1196 තෙක් රජ කළේ ය. කාලිංග වංශික කුමාරයෙකු වූ නිශ්ශංකමල්ලගේ මවුබිම කාලිංගයේ සිංහ පුරයයි. පුරාණ භාරතයේ කාලිංග රාජධානියේ ප්‍රධාන නගර තුනක් තිබිණි. දන්තපුර සිංහපුර සහ විෂ්ටපුර ඒ නගරය. නිශ්ශංකමල්ලගේ පියා කාලිංග චක්‍රවර්ති වශයෙහි ශ්‍රී ජය ගෝපය මෑණියෝ පාර්වතී වූවෝය. නිශ්ශංකමල්ල උපන්නේ බුද්ධ වර්ෂ එක්දහස් හත්සිය (ක්‍රි.ව. 1157) දිය (ගල්පොත ශිලා ලේඛනය EPIGRAPHIA ZEYLANICA Vol. II. P.104)
ගල්පොත නම් වූ මේ මහා ශිලා ලේඛනය පොලොන්න‍රුවේ සත්මහල් ප්‍රාසාදය අසල පිහිටා ඇත. අඩි 26 අඟල් 10 ක් දිග හා අඩි 4 අඟල් 7 ක් පළල වූ මේ ශිලා ලේඛනය ආයත චතුරශ්‍රාකාරය. මතුපිට ඉතා සුමට ලෙසින් ඔප දමා ඇති අතර මේ ශිලාලේඛනය කොටස් තුනකට ‍ෙබදා ඇත. එම එක කොටසක පේළි 24 බැගින් කොටස් තුනේ පේළි 72 කි. මෙම ගල මතුපිට (අකුරු ලියා ඇති) කොටස් තුනකට බෙදා ඇති නිසා පොතක පිටු ලෙසින් පෙනෙන හෙයින් මෙම ශිලා ලේඛනය ගල්පොත යන නාමයෙන් හඳුන්වනු ලැබේ. මෙම ශිලා ලේඛනයෙහි අකුරු 4300 වඩා වැඩි සංඛ්‍යාවක් දක්නට ලැබේ.
�ලංකාවේ රජ කළ රජුන් අතර නිශ්ශංකමල්ල රජු තරම් ශිලා ලිපි කරවූ වෙනත් රජ කෙනෙකු නො වන බව සාමාන්‍ය පිළිගැනීමය. ඒ රජු පු‍රාණ ශ්‍රී ලංකාවට ප‍ුරා ශිලා ලිපි හැත්තෑවකට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති බව දැනට සොයාගෙන ඇත. පොලොන්නරුව පැරැණි නටබුන් ප්‍රදේශයේ හමුවන ශිලා ලිපි වලින් වැඩි සංඛ්‍යාවක් ඒ අනුව අයත් වන්නේ මේ රජුට ය.
ඔහුගේ ශිලා ලේඛන අතර ගල්පොත ශිලා ‍ලිපියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එතරම් දීර්ඝ එතරම් විස්තර ඇතුළත් වෙනත් ශිලා ලිපියක් ශ්‍රී ලංකාවේ රජ කළ රජ කෙනෙකු විසින් කරවා නැති බව පෙනේ. මෙම ශිලා ලේඛනය කරවීමට අවශ්‍ය විශාල පාෂාණ කුට්ටිය පවා වෙනත් දුර බැහැර ප්‍රදේශයකින් (සෑගිරියෙන්) ගෙන්වා ගත්තකි. ඒ සඳහා විශේෂ හමුදා භටයන් (නිශ්ශංක භටයන්) යොදා ගෙන ඇත.
මේ රජුගේ ශිලා ලේඛනවලට ඇතුළත්වන කරුණු අතිශයෝක්තිවලින් බහුල බව ඉතිහාසඥයෝ වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශ කරති. එහෙත් එසේ වූ පමණින් ඒවා සියල්ල ප්‍රලාප ලෙස සලකා බැහැර කිරීම ප්‍රඥාගෝචර නොවේ. නිශ්ශංකමල්ල රජුගේ පර‍පුර රාජත්වයට පත්වීම, වීර ක්‍රියා, සුබසාධන කටයුතු ආගමික කටයුතු හා විදේශීය යුද්ධ, මහජනතාවට දුන් අවවාද ආදි වශයෙන් බොහෝ කරුණු විස්තර සහිතව ගල්පොත ශිලා ලිපියට ඇතුළත්කර ඇත. සිංහලයන්ගේ ආදි පුරුෂයා බව කියැවෙන විජයරජු කාලිංග වංශිකයෙකු බවත්, තමන් ඔහුගේ පරපුරෙන් පැවත එන බවත් නිශ්ශංකමල්ල රජු මේ ශිලා ලේඛනයේ තහවුරු කොට කියා සිටී.
කාලිංග පරම්පරාව පිළිබඳ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් නොලැබෙන ඓතිහාසික සාක්ෂි මේ ගල්පොතෙන් හෙළිවේ. කාලිංග පරම්පරාවට විරුද්ධ ව සිටි පාණ්ඩ්‍ය පරම්පරාව මෙම රජුගේ ගල්පොත වැනි ශිලා ලිපිවලින් හෙළිවේ. පෙර සිටි ඇතැම් රජවරුන් අධික බදු අය කළ බවත් මහජනතාව කෙරෙහි අනුකම්පා කොට නිශ්ශංකමල්ල රජු විසින් අඩු කරන ලද බවත් ඇතැම් බදු අවලංගු කළ බවත් මෙම ගල්පොත ශිලා ලේඛනයෙහි සඳහන් කර ඇත. එම අදහස් ඒ රජුගේ තවත් ශිලා ලේඛනවල ද සඳහන් කර තිබේ.
* පොලොන්නරුවේ ශිලා ලිපි ආචාර්ය පියතිස්ස සේනානායක පිටු අංක 6 � 7 (1998) මධ්‍යම සංස්කෘතික අරමුදල)
ශ්‍රී ලංකාවේ රජවරුන් අතරේ සිය රාජ්‍යය ස්ථාවරව පවත්වා ගැනීම සඳහාත් මහජනතාවගේ ප්‍රසාදය ලබාගැනීම සඳහාත් ශිලා ලේඛන සන්නිවේදනය ඉතා බහුල ලෙසින් යොදාගත් රජු නිශ්ශංකමල්ල රජු ලෙසින් සඳහන් කළ යුතුව ඇත. ලෙන් ලිපියක්, පුවරු ලිපියක්, පර්වත ලිපියක් හෝ ටැම් ලිපියක් ආදී වශයෙන් කුමන අන්දමේ ශිලා ලිපියක් වුව ද සන්නිවේදනය සඳහා කරනු ලබන බව ඉතා පැහැදිලිය. මේ අනුව ශිලා ලේඛනයක් කෙටිම (ලිවීම) වුව ද සන්නිවේදන කාර්යයක් ලෙසින් හැඳින්විය හැකි ය.
* ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සන්නිවේදනය - සිරි සමන් විජේතුංග, පිටු 78 (2007)‍
මේ ගල්පොත සෙල්ලිපියේ පළල පැත්තේ මූණතෙහි ලක්ෂ්මී දෙවඟනගේ රූපයක් ද ඇයගේ දෙපසින් ඇය දෙසට හැරී සොඬය දිගු කරගෙන සිටින ඇතුන් දෙදෙනෙකුගේ රූප නෙළා තිබෙනු දැකිය හැකි ය. එම ඇත් රූප ද ඉතා ම නිර්මාණාත්මකව නෙළා තිබේ. නිශ්ශංක භටයන් ලවා අධිකාරිකොට දනවු මන්දිනාවන් සෑගිරියෙන් ගෙන්වූ ශිලා ලේඛ ගලයි යන්න මෙම ගල්පොත ශිලා ලේඛනයේ ම සඳහන් කර ඇත.
සෑගිරිය ගල්කුට්ටිය රැගෙන ඒම ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.‍ ඒ සඳහා කිසිම තාක්ෂණයක් භාවිතා කරන්නට ඇතුවාට සැක නැත.
�සන්නිවේදනය මඟින් පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතික වශයෙන් දැනුම ලබාදීම හා තොරතුරු සැපයීම සංස්කෘතියේ මූලික අංගයක් ලෙස හැරල්ඩ් ලැස්වෙල් සඳහන් කරයි. අසෝක රජතුමා ද සිය ශිලා ලේඛනවලින් ඉටු කළ සන්නිවේදනය ‍ඉතා පුළුල් ය. ලංකාවේ ශිලා ලේඛන සන්නිවේදනයේ යෙදුණු ප්‍රමුඛ රජු නිශ්ශංකමල්ල රජු ය





Comments