ථූපාරාම පිළිම ගෙය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

අතිදැවැන්ත නිර්මාණ පෙලකින් සමන්විත පොලොන්නරුව රාජධානියේ තවත් එක් ස්ථානයක් ලෙසට පොලොන්නරුව ථුපාරාමය පිළිම ගෙය හැදින්විය හැකිය.මෙම පිළිම ගෙය මනාව ආරක්ෂිතව පිහිටා ඇත.දුටු දුටුවන්ගේ සිත් සතන් සතුටින් පිරි ඉතිරි යන දැවැන්ත නිර්මානයක වටිනාකම හදවත් තුල ඉතිරිව ඇත.
වැදගත් සාධක
වස්තුවිද්‍යාත්මක ලෙස නිර්මාණයන් කැටි කර ලක්දිව ගෘහ නිර්මාණයට ආවේනික ලක්ෂණවලින් සමන්විතව මෙම පිළිම ගෙය තවමත් අලංකාරව ඉතිරිව ඇත.මෙම හැඩයට සමාන පිළිම ගෙවල් දෙකක් පොලොන්නරුව රාජධානියේ දක්නට ඇත.එනම් ලංකාතිලකය හා තිවංක පිළිම ගෙයයි.මෙම ථුපාරාමය ඇතුලේ දක්නට අති නටබුන් වූ බදාම සහිත ගඩොල් ගොඩ බුදුපිළිමයක කොටස් විය හැක.මෙහි දක්නට ඇති අනෙකුත් බුදු පිළිම වහන්සේලා අනුරාධපුර යුගයට අයත් ප්‍රතිමා කලාව පෙන්නුම් කරයි. එනමුත් මෙහි බාහිර ගෘහ නිර්මාණ අංග පොළොන්නරු යුගයට අයත් නිර්මාණයන් වේ. කෙසේ වෙතත් මෙම බුදු පිළිම වහන්සේලා කළුගලෙන් නිම කරන ලද ඉතාමත් දර්ශනීය පිළිමයන් ලෙස හැදින්විය හැක.
ඉරියව්ව :- හිදී පිළිමය
මුද්‍රාව :- සමාධි මුද්‍රාව
ආසනය :- වීරාසනය
අමුද්‍රව්‍ය :- කළුගල්
වෙනත් කරුණු
මෙම පිළිම වහන්සේ බැහැරින් ගෙන එන ලද්දක් දැයි මා හට දැනෙනවා.අනුරාධපුර යුගයේ නිර්මාණයක් පොලොන්නරුව යුගයේ නිර්මාණ අතරට එක් කිරීම තුලින් කලා කරුවා බුදු දහමේ වටිනාකම මුළු ලෝකයටම කියා පාන්නකි.
වැදගත් සාධක
පොලොන්නරුව ථුපාරාමය තුල දක්නට ඇති අනෙක් නිර්මාණය මෙයි. මෙය හිටිපිලිමයකි.පිළිම ගෙයක් කරවා ඒ තුල අගනා නිර්මාණ කිහිපයක් එක් කිරීමෙන් කලා කරුවා එකවර ම සිත් සතන් බුද්දාලම්බන ප්‍රීතිය අපගේ සිත් තුල ඔප කරන තවත් අවස්ථාවක් ලෙස හැදින් විය හැකිය
ඉරියව්ව :-හිටි පිලිමය
අමුද්‍රව්‍ය :- කළු ගලෙන් නිර්මිත
වෙනත් කරුණු
මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇති පිළිම ගෙය ඉතාමත් අලංකාර නිර්මාණයකි.මෙහි වහලය මත වැටෙන වර්ෂා ජලය එහි ඇති බැවුමක් දිගේ විත් මකර රුපකාර නලයක් මාර්ගයෙන් පොළොවට පතිත වේ. මෙහි ඇතුල් පැත්තෙහි ගඩොල් මතුපිට යොදා ඇති හුණු බදාමය සියවස් ගණනාවක් පුරා තවමත් හොදින් ආරක්ෂා වී පවතී.දකුණු බිත්තියෙහි හුණු ගලෙන් නිර්මිත කැටයම් ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයන්ය. පොලොන්නරුව රාජධානියේ සශ්‍රික බාවය පෙන්වීම සදහා මෙම පිළිමගෙයි බාහිර බිත්ති තුල ඉදිකර ඇති කැටයම් තුලින් අපට මානව වැටහීමක් ගෙනදෙයි.




Comments