වෙල්ගම් වෙහෙර (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය )

ශ්‍රී ලංකාවේ වාසයට පැමිණි මුල් සිංහලයන්ගේ ආදිම ජනාවාසයක් වූ ගෝණගම්තොට සිංහලයන් අතර අද ප්‍රසිද්ධව ඇත්තේ තී්‍රකුණාමලය යන නමිනි. ගෝණ යන නමට මුලින් ශී්‍ර යන අරුත දෙන තීරු යන්නත්ල අගින් කන්ද යන අරුත් ඇති මෙලෙ යන්නත් එකතු කොට දෙමළ ජනයාල තිරුකෝණ මෙලෙ යන්න සාදා ගත්හ. (ගෝන යන්න දෙමළෙන් ලීවීමේදී කෝණ වෙයි). මේ දෙමළ වචනය ර්‍ණතී්‍රකුණාමලය” යයි සිංහලයෝ උච්ිචාරණය කරති. දෙමළ වචනයේ ඇති කෝණ යනු පැරණි සිංහල නමේ තිබුණු ගෝණ යන්න මැයි. ගෝණ තොටින් ඇරඹි රට තුලට පැතිර ගිය මුල් සිංහල ජනපද රාශියෙන් එකක් නම් වෙල්ගමය. එහි ඉදිකළ වැදගත් පුරාණ සිද්ධස්ථානය වෙල්ගම් වෙහෙර නම් වේ. මෙය තී්‍රකූණාමලය නගරයේ සිට වයඹින් සැතපුම් හතක් පමණ දූරින් පිහිටියේය. තී්‍රකුණාමල දිස්ති්‍රක්කයේ කට්ටුකුලම් පත්තුව බඳ පෙරියකුලම් නම් ගමේ ඇති පෙරියකුලම් නම් වැවේ බටහිර අයිනේ වෙල්ගම් වෙහෙර පිහිටා තිබේ. (ග්‍රන්ථයේ කවරයේ අග ඇතුලත මුද්‍රිත සිතියම බලන්න).
ගමන්මග
වෙල්ගම වෙහෙරට යා හැකි මාරAග දෙකකි.
(01) තී්‍රකුණාමලේ සිට අනුරාධපුර කරා විහිදෙන මහ මගේ 106 වන සැතපුම් කණුවට නුදූරින් ඇති මංසන්ධියෙන් උතුරු අතට හැරී රථ වාහන ගමන් කළ හැකි තාර දැමූ ප්‍රසිද්ධ මාවතේ සැතපුම් දෙකහමාරක් ගමන් කිරීමෙන් වෙල්ගම් වෙහෙරට ළඟා විය හැකිය. තී්‍රකුණාමලයේ සිට මේ මගෙහි ඇති බස් සේවයකින් ස්ථානයට ගමන් පහසුව සැලසේ.
(02) මේ ස්ථානය කරා පැමිණිය හැකි අනෙක් මග නම් තී්‍රකුණාමලයේ සිට නිලාවලි දක්වා යන මහ මගේ 6 වන සැතපුම් කණුවට මොබ ඇති මංසන්ධියෙන් හැරී බටහිර දෙසට යන මගෙහි සැතපුම් දෙකක් පමණ ගෙවමින් පෙරියකුලම් වෑ මියර ඔස්සේ වැටී ඇති පාරයි. එහි බස් සේවයක් නැත. පාරද පෙර කී මාරAගය තරම් හොඳින් නොපවතී.
වෙල්ගම් වෙහෙරට පැමිණෙන බැතිමතුන්ගේ සුව පහසුව පතා සැදැහැවතුන් විසින් කරන ලද ඉඩකඩ සහිත පිරිසිදූ විශ්‍රාම ශාලා පහසුකම් නිසා නවාතැන් ගැනීමටත් පහසුව සැලසී ඇත්තේය.
තී්‍රකුණාමලයට යන බොහෝ සංචාරකයෝත්ල වන්දනාකරුවෝත් කන්නියායි උණුදිය ළිං කරා යාමට අමතක නොකරති. අනුරාධපුර මගෙහි ගොස් උණුදිය ළිං කරා යාමට හැරෙන හන්දියේ සිට තවත් සැතපුමක් ඉදිරියට ගිය විට වෙල්ගම් වෙහෙරට යන මංසන්දිය හමු වේ. මේ ගමනට වෙල්ගම් වෙහෙර ද ඇතුළත් කිරීමෙන් සංචාරය වඩාත් සඵල කර ගත හැක්කේය.
විශේෂ සොයා ගැනීම් සහ හැඳින ගැනීම්
පෙරියකුලම් වැවට නුදූරින් පිහිටි මිටි කඳූවැටියක් ඇසුරු කොට මහ වනයෙන් වැසී තිබුණු නටඹුන් රැස පෙරියකුලම් ගම් වැසි දෙමළ ජනයා විසින් ර්‍ණනාතනාරA කෝවිල්” යන නමින් හඳූන්වන ලදී. ඒ නමින් හැඟෙන්නේ ඔවුන් මෙය ඊශ්වර දේවාලයක නටබුන් යැයි සිතූ බවය. තී්‍රකුණාමල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව මෙය විහාරස්ථානයක් ලෙස සලකන ලදී. පුරාවිද්‍යා දෙපාරAතමේන්තුවට මේ පුවත සැලවීමෙන් එය පිරික්සීමට සෙනරත් පරණ විතාන සුරීහු පළමුවරට එහි ගොස් නටඹුන් පිරික්සීමේදී සෙල්ලිපි කිහිපයක් සොයාගනු ලැබූ අතර මේ විහාරස්ථානයේ නම වෙල්ගම් වෙහෙර බවට හඳූනාගෙන ඇත. එසේම මෙම ස්ථානයේ රක‍ෂිත භූමියක් බවට ප්‍රකාශ කරන ලදී. ලංකාවේ දෙමළ සෙල් ලිපි ලැබුන එකම බෞද්ධ විහාරය මෙයයි. එකල පැවති මුදල් පරිහානිය නිසාත් ඊළඟට පැමිණි දෙවන ලෝක සංග්‍රාමය නිසාත් පුරා විද්‍යා කැණීම් කටයුතු කල් ගියේය.
වනගතව තිබුණු හැම වෙහෙරක් මෙන්ම වෙල්ගම් වෙහෙර ද නිදන් සොරුන් විසින් හාරා වනසා තිබිණ. එපමණක් නොව පෙරියකුලම් වැව අලුත්වැඩියා කිරීමේදී එහි ඉදිකිරීම් සඳහා අවශ්‍ය කΩ ගල් මේ ස්ථානයෙන් පහසුවෙන් ලබාගන්නා ලදී. මහ යුධ සමයේ කොන්තරාත්කරුවන් විසින් ද පුරා විදූ බිම කෙලසන ලද්දේය. තී්‍රකුණාමලයේ සිට සිංහල බෞද්ධයන්ට වෙල්ගම් වෙහෙර සිද්ධස්ථානය ගැන 1951 පමණේදී දැනගන්නට ලැබී එය රැක ගැනීමටත් පිළිසකර කිරීමටත් සංවිධානයක් ඇතිකර ගත්හ. පසුව බෞද්ධ පිරිස ආවාසයක් තැනූහ. 1952 දී මාදූවේ රතනවංස තිස්ස ස්ථවීරයන් වහන්සේ මුල් වී කටයුතු අරඹා අලුත් සෙනසුනේ වාසයට පැමිණියෙන් සියවස් ගණනකට පසු වෙල්ගම් වෙහෙර නැවත පණ ලැබීය.
1. සස වන සියවසේ පිහිටුවන ලද දෙමළ සෙල් ලිපි අතුරෙන් අටකම විහාරයේ නම සඳහන් වේ. ඒ සියලු තැන්හී සඳහන් වන්නේ වෙල්ගම් වෙහෙර (වෙල්ගම් වේර) යනුවෙනි. එයට රාජ රාජ පෙරුම්පල්ලි යයිදල එක් කොට ඇත. මේ ලිපි කි්‍ර.ව. 1022 සිට 1057 දක්වා කාලය තුළ වරින් වර ලියූ සටහන්ය.
2. දෙවන භාතිය තිස්ස (140-164) රජ සමයේ ලියූ සෙල්ලිපියක පැරණි සිංහලයෙන් ස්ථානයේ නම සඳහන් වෙන්නේ වෙලගම යනුවෙනි. ඒ සමයේ සිංහලයේ හල් අකුරු භාවිතා නොවූ බව සැලකිල්ලට ගත් විට මෙය වෙල්ගම යන්නම බව පැහැදිලි වේ. මෙහි තිඛෙන ස විජයබාහු (1055-1110) සමයට අයත් සිංහල සෙල් ලිපියක ස්ථානයේ නම වෙල්ගම යයි සඳහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ (1187-1196) පොලොන්නරු පී්‍රතිදානක මණ්ඩප ගිරි ලිපියේ ද මෙයට වෙල්ගම යයි යොදා ඇත. මේ අනුව 2 වන සියවසේ සිට 12 වන සියවස දක්වා ඇති සියලූම සිංහල සහ දෙමළ සෙල්ලිපි වල ර්‍ණවෙල්ගම” යන්නම ව්‍යවහාර කොට තිඛෙනු පැහැදිලිව පෙනේ.
3. චූල වංශය 1 වන විජයබාහු රජුගේ ශාසනික කටයුතු විස්තර කිරීමේදී ර්‍ණවේලගාම” විහාරය පිළිසකර කර වූ බව සඳහන් කරයි. වෙල්ගම යන්නේ පාලි රූපය වේලගාම යනුයි. විජයබාහු රජුගේ නම සඳහන් සෙල්ලිපි කැඛෙල්ලක් වෙල්ගම විහාරයෙන් ලැබී ඇති නිසා චූල වංශයේ සඳහන් වන වේලගාම යනු වෙල්ගම බව ඔප්පු වේ. අකුරු ද පොළොන්නරු සමයේ මුල භාගයට අයත්ය.
4. කෝට්ටේ සමයේ පමණ ලියවිණැයි විශ්වාස කරන කඩයිම් පොතක් වන ශී්‍ර ලංකා කඩයිම් පොතේ වෙල්ගම රටක් ගැන සඳහන් වේ. එහි එන අනෙක් ස්ථාන හා සසඳා බලන විට එය නැගෙනහිර පළාතේ පිහිටි මේ ස්ථානයම බව පෙනේ. එසේම අනුරාධපුර විස්තරය නම් පැරණි පුස්කොළ පොතක වෙල්ගම් නුවරක් ගැන සඳහන් වේ. එයද නැගෙනහිර වෙරළ අසල පිහිටියකි. සිංහල ජනයා මේ පෙදෙස අතහැර ගිය පසුත් වෙල්ගම ගැන පැවති මතකය මේ සටහන් වලින් පිළිබිඹු වේ. එහෙයින් වෙල්ගම යන නම 2 වන සියවසේ සිට 16 වන සියවස දක්වා මේ ස්ථානයට භාවිතා විය.
5. දිවයිනේ මෙතෙක් පහල වූ අසම සම පුරා විද්‍යා විශාරදයා වූ සෙනරත් පරණවිතාන සූරීන් පුරා විද්‍යා වාරAතාවල මේ ස්ථානය වෙල්ගම් වෙහෙර බව පැහැදිලිව දක්වා ඇත.
6. වෙල්ගම ඉතිහාසය විස්තර කිරීමේදී ඒ අසලම මානාමතු වැවල මානාමතු කඳවුරල මානාමතු නුවර යන තැන් පිහිටි බවට සාධක ඉදිරිපත් කරන්නෙමු. ඒ අනුව ද මෙය වෙල්ගම් වෙහෙර බව සහේතුකව හැඳිනගත හැකි වේ.
නටඹුන් සහ තොරතුරු පිළිබඳ විස්තරය
වෙල්ගම වෙහෙරට අයත් නටඹුන් පෙදෙස පිරික්සා බැලීමේදී එය පැහැදිලිවම කොටස් තුනකට වෙන් කොට දැක්විය හැකිය. එනම් ථ-
1. විහාර චතුරශ්‍රය
2. කඳූවැටිය
3. අවට පෙදෙස යනුවෙනි.
(01). විහාර චතුරශ්‍රය
වෙල්ගම වෙහෙර වැදගත් ගොඩනැගිලි සමූහය පවුරකින් වට කරන ලද සම හතරැස් කොටුවක් තුළ පිහිටියේය. මේ චතුරශ්‍රය තුළ මහපිළිම ගෙයල ඔත්පිළිම ගෙයල දාගැබ සහ බෝ කොටුව යයි සිතිය හැකි ගල් වැටි සහිත පෙදෙස යන විහාරංග ගොඩනගා ඇත. හතරැස් කොටුවේ දකුණු සීමා පවුර හරි මැද පිහිටි දොරකොටු ගෙය තුළින් විහාර චතුරශ්‍රයට ඇතුΩ වන ප්‍රධාන දොරටුව සාදා ඇත්තේය. උතුරු පවුර මැද ද දොරටුවක් සාදා ඇතත් එහි දොරකොටු ගෙයක් නැත. නැගෙනහිර පවුරෙA අලංකාර පිය ගැට පෙළවල් සහිත දොරටු දෙකක් ද බටහිර පවුරෙA එක් දොරටුවක් යැයි විහාර චතුරශ්‍රයට ඇතුΩ වන දොරටු පහක් වෙයි. මහ පිළිම ගෙය 1953 දී දල දාගැබ 1954 දී ද කැණ පාදා තහවුරු කොට ඇත. ඒ වරAෂ දෙකේ නිකුත් කළ පුරාවිද්‍යා පාලන වාරAතාවල උපකාරයෙන් විහාර චතුරශ්‍රයේ ඇති ගොඩනැගිලි පිළිබඳ විස්තරයක් පහත දැක්වේ.
01. මහ පිළිම ගෙය
වෙල්ගම් විහාරයේ ප්‍රධාන පිළිම ගෙය විහාර චතුරශ්‍රය හරි මැදින් උතුරු දොරටුවේ සිටි දකුණු දොරටුව කරා විහිදෙන උතුරු – දකුණු රෙAඛාවක දෙපස සමබරව පිහිටන සේ ගොඩනගා ඇත්තේය. මහ පිලිම ගෙය ප්‍රධාන කොටස් පහකින් යුක්තය.
1. ගරAභගෘහය ථ 9’7” ං 9’ 5”
2. මණ්ඩපය ථ 18’8” ං 16’9”
3. අන්තරාලය ථ 6’6” ං 5’9”
4. දෙවන අන්තරාලය ථ 5’9” ං 3’8”
5. ආලින්දය ථ 22’ ං 8’
මුල් පිළිම ගෙය ගරAභගෘහයකින් සහ ඒ ඉදිරිපිට සෑදූ ආලින්දයකින් පමණක් සමන්විත වූ බවත්ල පසු කලෙක කළ ප්‍රතිසංස්කරණයකදී ආලින්දය අස්කොට ටැම් සහිත මණ්ඩපය තනා ඊට ඇතුΩ වන තැන සඳකඩපහණක් යොදා අවසන් කළ බවත්ල ඊටත් පසුව කළ අලුත්වැඩියාවකදී දැනට දක්නට ඇති ආලින්දය සහ පඩිපෙළ යොදා විශාල කොට ඇති බවත් පරණවිතාන ශ+රීන්ගේ නිගමනයයි. මුල් පිළිම ගෙය ද්‍රවිඩ බෞද්ධයින් විසින් ඔවුන්ගේ නිරAමාණ ශිල්පය අනුව වෙනස් කොට වැඩි දියුණු කර යළි සකසා ඇත. අනුරාධපුර යුගය අවසන් වීමට හේතුවූ සොළී ආක්‍රමණයේදී වෙල්ගම් වෙහෙර අසල කඳවුරු බැඳ සිටි ද්‍රවිඩ භටයින් විසින් මේ වෙහෙර පිළිසකර කොට ඔවුන්ගේ අධිරාජයා වූ 1 වන රාජ රාජ (985-1016) මහරජුගේ නමින් ර්‍ණරාජ රාජ පෙරුම්පල්ලි” යයි මීට නම් තබන ලදී. ඔවුන් එහි පැවැත්මට පිදීම් ද කළ බව එතැන ඇති සෙල් ලිපි වලින් පෙනේ.
මහ පිළිම ගෙයි ගරAභගෘහයේ උතුරු බිත්තියට යාව බුදූ පිළිමය වැඩ සිටි පිළිම පදනම තිබිණ. ගැබ ගෙයි බිම ගල් පුවරු අතුරා සකස් විය. නිදන් සොරුන් විසින් පිළිම පදනම සහ ගල් පුවරු සිඳ බිඳ දමා පිළිම පදනම යට තිබුණු යන්ත්‍ර ගල මතු කොට එහි වූ වටිනා මංගල වස්තු පැහැර ගෙන ගොස් ඇත. පාදමේ සහ නිදන් ගලේ කැබලි ගරAභගෘහයේ නටඹුන් අතර තිබී හමුවිය. යන්ත්‍ර ගලේ ඉතිරිව තිබුනේ අනුරාධපුර සමයේ මුල් කාලයේ සිට භාවිතයේ පැවති බොහෝ ගෙවී ගිය පුරාණ නම් වරAගයේ රිදී කාසියක් පමණි. පිළිම පාදමේ කැබලි එක්කොට දැන් නියම තැන පිහිටුවා ඇත. පුදූමය නම් පාදම මත වූ බුදූ පිළිමය ගරAභගෘහය තුලින් හමු නොවීමයි. පිළිමය ගෙන ගොස් මΩවේ වූ පොකුණක දමා වසා තිබී කැණීමේ දී හමුවිය. එයින් පෙනෙන්නේ මෙය විනාශ කළ වුන් නිදන් පැහැර ගිනීමට වඩා වෙනත් පරමාරAථ ද ඇතිව කි්‍රයා කොට ඇති බවයි. ඉවත ගෙන ගිය පිළිමය නැවත ගෙනවුත් දැන් පාදම මත සවිකොට ඇති හෙයින් පිළිම ගෙයි පාΩව මැකී ගොසිනි.
මහ පිළිම ගෙය වටා පිට පැත්තෙන් බිත්තිවලට සමාන්තරව 13’ දූරින් නැගෙනහිරල උතුරු සහ බටහිර යන තුන් දෙසින් සීමා පවුරක් වෙයි. එය පිළිම ගෙයි මණ්ඩපයේ දකුණු බිත්තිය එල්ලේ එන සීමාවේ දී සෘජුකෝණයකින් පිටතට නැමී 16’ ගිය පසු නැවත වරක් සෘජුකෝණයකින් දකුණට හැරී 32’ ගොස් පිළිම ගෙයි දකුණු පෙදෙස දෙපස සෘජුකෝණාඝ්‍රකාර කොට දෙකක් ඇති වේ. පිළිම ගෙයි නැගෙනහිර සහ බටහිර පෙදෙසේ ඇති වූ මේ නෙරුම් දෙක තුළ පිළිම කුටි දෙකක් විය. නැගෙනහිර කුටියේ පිළිමය තිබුණු ආසනය පමණක් ඉතිරිව ඇත. බටහිර කුටිය තුළ වූයේ ඝනකම හුණු තට්ටුවක් පමණය. විහාර ගෙය වැනසූවන් විසින් හුණුගල් පිළිම පිළිස්සීම නිසා හුණු තට්ටුව ඇති වී යයි සැලකේ. නොපිළිස්සුණු පිළිම කොටස් තවම එහි ඇත. මහ පිළිම ගෙයි දකුණු පවුරු මැද විහාරයට ඇතුΩ වන දොරකොටු ගෙය පිහිටියේය. එය දෙපස ගල්ටැම් යෙදූ කාමර දෙකක් ඇත. මේවායේද පිළිම තිබුණු බවට සලකුණු දක්නට ලැබේ. වම් පස කාමරයේ තිබී බෝසත් රුවක කොටස් ලැබී ඇති හෙයින් මේ බව ඔප්පු වේ. දොරකොටු ගෙය දෙපස දකුණු පවුරට පිටතින් ද සම හතරැස් කාමර දෙකක් දක්නට ලැබේ. දොරටුවේ පියගැට පෙළට නැගෙනහිරින් ගල් අතුරා කළ වේදිකාවක් මත තනි කΩ ගලින් නෙΩ 6’9” ං 5’ මහත ගල් ටැංකියක් පිහිටුවා ඇත. දොරටුවේ සඳකඩපහණ අසල ගලින් නෙΩ පෝදෝනියකි. පිළිම ගෙය තුන් වරකදී සකසා ඇති බව පෙර සඳහන් විය. එය අන්තිම වරට සොළී සමයෙන් සහ 1 වන විජයබාහු රජ සමයෙන් පසු මුΩමනින්ම නැවත අලුත්වැඩියා කර ඇති බව සොළී සමයේ සහ 1 වන විජයබාහු රජුගේ සෙල් ලිපි කැබලි පාදමේ නොයෙක් තැනට අසුවන සේ යොදා තිබීමෙන් පෙනේ.
02. ඔත් පිළිම ගෙය
මහ පිළිම ගෙයට පෑල දෙසින් චතුරශ්‍රයේ බටහිර පවුරට නුදූරුව ඔත් පිළිම ගෙය පිහිටියේය. එහි ගඩොලින් කළ සැතපෙන පිළිමය විනාශ වී ගොසිනි. මෙහි ඇති ගඩොල් මහ පිළිම ගෙය සෑදීමට ගත් ගඩොල් වලට සමාන නිසා දෙකම සමකාලීන බව පැහැදිලි වේ. පිළිමයට තැබූ මංගල වස්තු සහිත නිදහන් ගල තවම දක්නා ලැබේ. එහි තිබී මැණික් ආදී වස්තු හමු වූ බව කියති. ඔත් පිළිම ගෙය 51’8” ං 24’6” මහතය.
03. දාගැබ
වෙල්ගම් වෙහෙරින් නටඹුන් දාගැබ් තුනක් දැනට සොයාගෙන ඇත්තේය. ඉන් විශාලම දාගැබ විහාර චතුරශ්‍රයේ නැගෙනහිර පවුරට ඉතා නුදූරුව පිහිටියේය. දාගැබ තනා ඇත්තේ 4’6” උස් වූදල 69’ 10” ං 64’ ක් විශාල වූදල සතරැස් මΩවක් මතය. දැගැබ් මΩවට පිවිසෙන පියගැට පෙළ මΩවේ බටහිර පැත්තේ මධ්‍යයෙන් ඉදිරියට පන්නා තැබූ 16’ ං 6’ 10” ක් මහත වේදිකාවක පිහිටියේය. දාගැබ විෂ්කම්භය 36’ 6” කි. එය ගරා වැටී තිඛෙනු පමණක් නොව නිදන් සොරුන් විසින් තදබල ලෙස හානි පමුණුවා ද ඇත. දාගැබ කැණ බැලීමේදී කි්‍ර.ව. යට හෝ කි්‍ර.ව. 1 වන සියවසට අයත් අකුරු සහිත ගඩොලක් ලැබිණ. එහෙයින් මෙය කි්‍ර. පූරAව සමයට අයත් ලෙස සැලකිය හැකිය. මුලින් කළ දාගැබ පසු කලෙකල සමහර විට සස වන සියවසේ විශාල කරන ලද බව දක්නට ඇත.
පියගැට පෙළ සහිත වේදිකාව වටා නොයෙක් අන්දමේ නැටුම් ගැයුම් දක්වන නΩවන්ගේ රූප නෙΩ කොරල් ගල් පුවරු සවිකොට තිබේ. දාගැබ් මΩවේ නිරිත දෙස තිබී අගනා පිත්තල පහන් ගසක් හමුව දැන් එය තී්‍රකුණාමලය පුරාවිදූ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.
04. පොකුණ
මහ පිළිම ගෙයට නුදූරුව පිහිටි ගල් ටැංකියට නැගෙනහිරින් තිබී කΩ ගලින් ගොඩනැගූ 12’ 9” මහත පොකුණක් හමුවිය. එය පාදන විට ඇතුළත තිබී 6’ 9” ක් උස හුණු ගල් පිළිමයක් හමුවිය. පිළිම ගෙය පාΩ කළවුන් විසින් පිළිම කොටස් පොකුණට දමා වැසූ බව පෙනේ. මේ පිළිමය දැන් පිළිම ගෙයි තැන්පත් කොට ඇත.
05. දොරකොටු ගෙය
විහාර චතුරශ්‍රයට ඇතුΩ වන ප්‍රධාන දොරටුව දකුණු පවුර හරි මැද පිහිටියේය. මෙහි සිට පිළිම ගෙයට 182’ දූරය. දොරකොටු ගෙයට පිටතින් තනි කΩගලින් නෙΩ 8’9” ං 8’6” විශාලත්වයෙන් යුත් ගල් දිය ටැංකියක් පිහිටුවා ඇත. දොරකොටු ගෙය 23’ ං 15” දිග පළලින් යුක්තය.
06. බෝ කොටුව
විහාර චතුරශ්‍රය නිරිත දිග දිශාවේ ගල්වැටි සහිත උස් බිම් පෙදෙසක් දක්නට ලැබේ. ඒ මැද ගලින් හා ගඩොලින් ගොඩනැගූ හතරැස් නටඹුන් ගොඩනැගිල්ල බෝ කොටුවක නටඹුන් විය හැකිය. බෝධිඝරයක ලක‍ෂණ එහි නැතත් පිහිටීම අනුව එය බෝධිය තිබුණු තැන ලෙස නිශ්චය කළ හැකිය. මෙවැනි චතුරශ්‍රයකට දකුණු දොරටුවෙන් ඇතුΩ වන විට වම් පැත්තේ බෝධිය පිහිටා තිබුණු පැරණි තැන් බොහෝ ගණනක් හමු වී ඇති නිසා මෙසේ තීරණය කළ හැකිවේ.
07. පැරණි ළිඳ
විහාර චතුරශ්‍රයේ උතුරු පස පවුරෙන් පිටතට ඇති අදද ප්‍රයෝජන ගන්නා ළිඳ පුරාණයේදීද පැවති එකකි. එහි යට කොටස කΩ ගලෙන්ද උඩ කොටස ගඩොලින් ද නිමවා ඇත. අලුත් ළිඳක් මෙන් අදත් පවතී.
02. කඳූ වැටිය
විහාර චතුරශ්‍රයේ නැගෙනහිර පවුරට සමාන්තරව උතුරෙA සිට දකුණට විහිදෙන අඩි 50 ක් පමණ උස කුඩා කඳූ වැටියක් ඇත. මෙහි බොහෝ තැන මතු වී සිටිනා ගල් තලා සහ ගල් කුΩ සහිතය. තැනින් තැන ගල් කෙම්ද ඇත. ස්වාභාවික ගල් ලෙන් ඇතත් ඒවායේ කටාරම් කොටා නැත. විහාර චතුරශ්‍රයේ නැගෙනහිර පවුරෙA ඇති දොරටු දෙකෙන් දකුණු දෙසින් ඇති දොරටුව හා පියගැට පෙළ ඉතා චමත්කාර ලෙස පුන්කලස්ල මුරගල්ල කොරවක් ගල් වලින් සරසා තනා තිබීමෙන් පෙනෙනුයේ පව්ව මත ඇති සිද්ධස්ථානවල ගරු ගාම්භීරභාවයයි. මෙකී දොරටුවට නුදූරුව පව්ව මත දෙවෙනි සියවසට අයත් බ්‍රාහ්මී අකුරෙන් ලියූ සෙල් ලිපියක් ගල් තලාවේ දිස්වේ. මෙය 2 වන භාතිය තිස්ස (කි්‍ර.ව. 143-167) රජුගේ කාලයේ පිහිටුවන ලද්දකි. සෙල් ලිපියට මදක් ඔබ්ඛෙන් නිදන් සොරුන්ගේ පහරට ලක් වූ නටඹුන් දාගැබක් ඇත. එය තවම තහවුරු කොට නැත. දාගැබ් මΩවේ දාගැබ් යුපස්තම්භය දක්නට ලැබේ. එහෙයින් මෙය ඉතා පුරාණ යුගයට අයත් දාගැබක් බව පැහැදිලි වේ. එය සෙල් ලිපියේ කාලයටත් වඩා පුරාණ විය හැකිය. මෙහි සිට කැලය තුළින් අඩි පාරක් ඔස්සේ කඳූවැටියේ උතුර දෙසට ගිය විට තවත් නටඹුන් කුඩා දාගැබක් හමුවේ. අසල ඇති යූප කණුව නිසා මෙයද ඉතා පැරණි යුගයකට අයත් ස්තූපයක් බව හැඟී යයි. මේ දාගැබ් කැණ තහවුරු කිරීමේදී පුරාවිද්‍යා දෙපාරAතමේන්තුවට 1971-07-26 දින මෙහි ධාතු ගරAභය සොයාගත හැකි විය.
මෙහි ගරAභය සොරුන් විසින් සිඳ බිඳ අවුස්සා තිබුණු නමත් ධාතු නිධානය ඔවුන්ට අසු වී නැත. ඊට හේතුව ධාතු නිධානය තිබුණු විශේෂ ක්‍රමයයි. පුරාණ දාගැබ් වල ගරAභයේ පතුලෙහි ගලින් කළ මහාමේරු පරAවත ආකෘතියක් තැන්පත් කිරීම සිරිතක් විය. එය ති්‍රකූට නම් වූ සිලින්ඩරාකාර ගල් තුනක් මත පිහිටුවන ලදී. සමහර අවස්ථාවලදී මහාමේරු ගල මතදල ධාතු කර~ුවක් තැන්පත් කළ අවස්ථා හමු වී ඇත. එහෙත් කිසිම තැනක මහාමේරු පරAවතය තුළ ධාතු නිදහන් කිරීම සිරිතක් නොවීය. මේ දාගැබේ මංගල වස්තු තැන්පත් කළ නිදහස් ගල හෙවත් යන්ත්‍ර ගල කොටු නවයකින් යුක්ත වන සේ ගඩොලින් තනා ඇත. එය වසා ඒ මත මේරු ගල පිහිටුවා තිබිණ. අන් තැන්වල මෙන් මෙහි මේරු ගල ගලින් සාදා නොතිබිණ. එය ගඩොලින් බැඳ මුදූන හතරැස් ගල් පුවරුවකින් වසන ලදී. මහා මේරු ආකෘතියේ මුදූනේ ප්‍රමාණයට හරියටම ගැලපෙන පරිදි වැසුම් ගල් පුවරුව සකස් විය. සොරුන්ට ගරAභය තුළ මේරු ගල හමු වූ නමුත් ධාතු නිධානය හමු නොවූයෙන් අත්හැර ගියහ. මෙහි පුරාවිද්‍යා කැණීම් කළ පිරිසටද මේරු ආකෘතිය මිස ධාතු නිධානය හමු නොවූයෙන් නිදහන් සොරුන්ට හමුව ගෙන ගොස් ඇතැයි සිතා ඔවුහු සෙවීම් කටයුතු අත්හළහ. එහෙත් පසුව එහි සේවය කළ කම්කරුවෙක් අහම්ඛෙන් මෙන් මහා මේරුවේ මුදූන වසා තිබුණ ගල් පුවරුව ඉවත් කළේය. එවිට බදාමවල ගිලී තිබුණ ධාතු කර~ුවක මුදූන යන්තම් පෙනිණ. ඉන් පසු වගකිව යුත්තන් ගෙන්වා නිධානය ගොඩ ගන්නා ලදී. නිදන් සොරුනුත් නිළධාරීනුත් මුලා වූයේ මහා මේරු ගල තුළ නිධානයක් ඇතැයි නොසිතූ හෙයිනි. මේ අයුරින් ධාතු නිධානයක් තැන්පත් කළ දාගැබක් ලංකාවේ මෙතෙක් හමු වී නැත. එහෙයින් වෙල්ගම මේ කුඩා දාගැබ විශේෂ තැනක් හිමි කර ගනී. ධාතු කර~ුව උල් කොනකින් යුත් නිසා එය යුපස්තම්භය ද ඡත්‍ර ද සහිත දාගැබ් සහ කර~ු හමු වන යුගයට පසු කාලයට අයත් බව පෙනේ. ඡත්‍රය කොත් කැරැල්ල බවට පරිනාමය වෙන්නට පටන් ගත්තේ 5-7 සියවස් අතර බව පරණවිතාන ශ+රීන් නිගමනය කොට ඇති හෙයින් මේ කර~ුව ඒ යුගයට අයත් සේ පෙනේ. එහෙත් දාගැබ ඊට වඩා බොහෝ පැරණි විය යුතු බවට අසල ඇති යුපස්තම්භය සාක‍ෂි දරයි. 7 වන සියවසේ දාගැබේ අලුත්වැඩියාවකදී මේ කර~ුව තැන්පත් කළ බව සිතීම සාධාරණය. එය අලුත්වැඩියා කල කාරAමිකයෝ ධාතු නිධානය සොරුන්ගෙන් බේරාගැනීමට උපක්‍රමයක් යෙදූහ. එය සාරAථක වූ නිසා අදත් ධාතූන් වහන්සේ බැතිමතුන්ගේ පුද පූජා හා ගෞරවය ලබති.
මේ කඳූවැටියට නැගෙනහිර පැත්තෙන් ඇත්තේ පෙරියකුලම් වැවයි. වැව පැත්තේ සිට කඳූවැටියේ සිද්ධස්ථාන කරා පැමිණීමට පුරාණ මගක් තිබිණැයි සමහරු විශ්වාස කරති. එහෙත් තවම ඒ ගැන පරAයේෂණයක් කිසිවකුගෙන් සිදූවී නැත. කඳූවැටියේ ගල්තලා මත සමහර තැන කොටන ලද සංකේත කිහිපයක් ඇති නමුත් ඒවායේ අදහස කිය නොහැකිය.
(03) අවට පෙදෙස
අප මෙතෙක් විස්තර කළ පෙදෙසෙහි වෙල්ගම් වෙහෙරට අයත් සංඝාවාසල දාන ශාලාල පොහොයගේල වැසිකිළිල රැස්වීම් ශාලා ආදී භාක‍ෂූන්ගේ පරිහරණය සඳහා තිබිය යුතු ගොඩනැගිලි කිසිවක් හමු නොවීය. 11 සහ 12 සියවස්හී මේ විහාරය ලබා තිබුණ ප්‍රසිද්ධිය සහ වැදගත්කමේ තත්ත්වය හා සසඳා බලන විට මෙහි විශාල භික‍ෂූ පිරිසක් වැඩ විසූ බව වැටහී යයි. ඒ පිරිස වෙනුවෙන් ඉදිවුණු ගොඩනැගිලි රැසේ නටඹුන් මේ අසල තිබිය යුතුය. විහාර චතුරශ්‍රයට ඇතුΩ වන ප්‍රධාන දොරටුව දකුණු දෙසින් තැනූ බව සැලකිල්ලට ගත් විට ඉහති කී සෙනසුන් ගොඩනැගිලි විහාර චතුරශ්‍රයට දකුණු දෙසින් දැන් වනයෙන් ගැවසී ඇති පෙදෙසේ පිහිටා තිබුණු බව කල්පනා කළ හැකිය. විහාර චතුරශ්‍රයට බටහිරින් ලොකු පොකුණක නටඹුන් දක්නට ලැබේ. දකුණු දෙසින් ඊටත් විශාල පොකුණු දෙකක නටඹුන් ඇත. තැනින් තැන ගල් වැටිත් කලාතුරෙකින් ගල් කණුත් කැලයේ හමුවේ. මේ පෙදෙස තවම පුරා විද්‍යා පරීක‍ෂණයකට භාජනය කොට නැත.
විහාර භූමියට පෙරදිගින් පිහිටා ඇති පෙරියකුලම් වැව වෙල්ගම කුඹුරු යායට ජලය සැපයූ ජලාශයයි. මේ පෙරියකුලම් වැව පුරාණ මානාමතු වැව ලෙස හඳූනා ගැනීමට සාධක තිබේ. මානාමතු වැව අසල ඉතා පුරාණයේ සිට යුධ කඳවුරක් පැවතියේය. 11 වන සියවසේ සොළී පාලන සමයේ මේ කඳවුරේ සිටි භටයෝ වෙල්ගම් වෙහෙර දියුණු කළහ. පසුව මාඝ රජුගේත් චන්දාභානු ජාවක රජුගේත් බල කඳවුරක් මානාවතුහී පිහිටි බව සඳහන්වේ. මෙකී මානාවතු කඳවුර වෙල්ගම් වෙහෙරට නුදූරුව වැව අසල පිහිටා තිබුණේය. එහෙයින් ගවේෂණයක් කළහොත් කඳවුරු බිම සොයා ගත හැකිවනු ඇත. කඳවුරක් සඳහා සුදූසු ඉඩ ඇත්තේ වැවට සහ වෙල්ගම් වෙහෙරට දකුණු දිගිනි.
වෙල්ගම යන නම ලැබීමට හේතු වූ වෙල්යාය වැවෙන් ජලය සැපයිය හැකි පෙදෙසේ පිහිටා තිබිය යුතුය. ඉන් කොටසක් දැනට දෙමළ ජනයා වී වගා කරති. සෙසු කොටස දැනට වනගතව තිබේ.
04. ඓතිහාසික තොරතුරු
1. අනුරාධපුර සමය
දේවානම්පියතිස්ස රජතුමන් විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කොට වෙල්ගම් වෙහෙර කර වූ බව වංශ කථාවල සඳහන් වෙයි. ඉතිහාස තොරතුරු කෙලින්ම සඳහන් වන සෙල්ලිපියක් සොයා ගැනීම අපහසුය. විහාර චතුරශ්‍රයට නැගෙනහිරින් පිහිටි කඳූවැටියේ ගල් තලාවක කොටා ඇති බ්‍රාහ්මී සෙල්ලිපියේ වෙල්ගම යන නම පළමු වරට හමුවෙයි. විහාර චතුරශ්‍රය තුළ තිඛෙන නටඹුන් දාගැබ් කැණීමේදී කි්‍ර.පූ. හෝ කි්‍ර.ව. පළමු වන සියවසට අයත් අකුරු සහිත ගඩොලක් ලැබුණු බව පරණවිතාන ශ+රීන් පවසන නිසා වෙහෙර ආරම්භ කි්‍ර.පූ. 1 වන සියවස තෙක් ඈතට ගෙන ගිය හැකිවේ.
ගෝණතොට (තී්‍රකුණාමලය) අවට පෙදෙස සිංහලයන්ගේ මුල් වාස බිමක් වූ නිසා ලක්දිවට බුදූ සමය ආ මුල් කාලයේම මෙහි බුදූ සමය පැතිර ගිය බව පෙනේ. බුදූ සමය පැමිණීමට පෙර ශාක්‍ය වංශික රාමගෝණ කුමරු ගෝණතොට අසල පෙදෙස පාලනය කළ බව පිළිගත හොත් මිහිඳූ හිමියන් වැඩීමට පෙරම මේ පෙදෙසේ බෞද්ධයන් සිටි බව පිළිගැනීම අපහසු නැත. තී්‍රකුණාමලය දිස්ති්‍රක්කය පුරාම කි්‍ර.පූ. 3 වන සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි දක්නට ඇති හෙයින් බුද්ධාගම පැමිණි සමයේ සිටම බෞද්ධ සිංහල ජනාවාස මේ පෙදෙසේ තිබුණු බව ඔප්පු වේ. තී්‍රකුණාමලයට උතුරෙන් ආන්දන්කුලම












Comments